මස්කාරා ගල්වන නිවැරැදි ක්‍රමය කුමක් ද?

ජුනි 17, 2020

ප්‍රශ්නය

මම පෞද්ගලික ආයතනයක රැකියාවක් කරන තරුණියක්. මම සෑම දිනකම මාගේ මුහුණ හැඩ කර ගැනීම සඳහා සරල මේකප් එකක් භාවිත කරමි. මස්කාරා ගල්වන ක්‍රමය පිළිබඳ මා හට නිවැරදි අවබෝධයක් නොමැත. මස්කාරා ගල්වන නිවැරදි ක්‍රමයක් කුමක්ද?

පාදුක්ක - දිලිනි

 

පිළිතුර

ඇස් දෙක ආරක්ෂා කරගන්නවා වගේම ඇස් දෙක ලස්සනට තියාගන්නත් ඕනෑම ගෑණු ළමයෙක් කැමතියි. ඒ නිසයි මස්කාරා භාවිතය වැදගත් වෙනවා.

පළමුවෙන්ම ඔබේ ඇහි පිහාටු වල මැද සිට අග දක්වා ආලේප කර ඇහි පිහාටුවේ ඉතිරි කොටසට මස්කාරා ආලේප කිරීමට පෙර එය වියළීමට ඉඩ දෙන්න. මොකද ඔබ ඇහි පිහාටුව​ල මුලට වැඩිපුර මස්කාරා යොදන විට, ඇහිපි​ය බර වන නිසා ඔයාට ඇස් ඇරීමට අපහසු වෙනවා.

ඔබේ ඇස් පියන්වල කුඩා කොන්වල මස්කාරා යෙදීම සඳහා කළ හැකි උපක්‍රමයක් වන්නේ අංශක 45ක කෝණයකින් බුරුසුව නැමීමයි. බුරුසුව කම්බි වලින් සාදා තිබීමට එයත් හේතුවක්. සමහර බුරුසු නම් එසේ නැම්මක් ඇතිවම නිෂ්පාදනය කරලා තියෙනවා.

ඔබේ ඇහි පියන් වල ඇති සියලුම ඇහිපිහාටු මස්කාරා වලින් ආවරණය කර ගැනීම සඳහා උපක්‍රමයක් තමයි මස්කාරා බුරුසුව කරකවමින් සිරස් අතට ඇහිපිහාටු වල උඩින් සහ යටින් ආලේප කරන එක. ඔබ මෙය කරන විට ඔබේ ඇහිබැමිවල පරිමාව වැඩි කර පෙන්වනවා.

සියලුම පියන් පත් මත මස්කාරා ගල්වා ඒවා එකවර ඒකාකාරව පැතිරවීමට තවත් උපක්‍රමයක් වන්නේ සිග්සැග් චලනයක් සිදු කිරීමයි. ඔබ ඔබේ ඇහිබැමිවල කෙළවරට බුරුසුව ගෙන යන විට, සිග්සැග් චලනයකින් එය කරන්න. පළමු ස්ථරය වියළී ගිය විට, ටිකක් වැඩිපුර පරිමාවක් සඳහා ඔබේ ඇහිපිහාටු පාමුල දෙවන තට්ටුවක් යොදන්න.

ඔබේ මස්කාරා ආලේප කිරීමෙන් පසු ඔබ සාමාන්‍යයෙන් ඇහිපිය උඩත් මස්කාරා ගෑවිලාද කියලා ඔබේ නාසයට යටින් කැඩපතක් තබා පහළට බලන්න. මේ ආකාරයෙන් ඔබ මස්කාරා ආලේප කරන විට ඉතා සවිස්තරාත්මකව වැඩ කළ හැකි අතර ඔබේ ඉහළ ඇසිපිය වල කිසිම ගැටලුකාරී පෙනුමක් ඇති වෙන එකක් නෑ.

ඔබේ ඇහිපියන් පත් වල අගට මස්කාරා ආලේප කරද්දී සිරස් අතට නොයවන්න. ඇහි පියන් අග උඩු අතට කරකවන්න. මේ ආකාරයෙන් ඔබට ඔබේ ඇහි පියන් වැඩිපුර කර්ල් කරන්න පුළුවන්.

ඔබේ ඇස් පිහාටු උඩ අතට නැතිව ඇසේ කොන පැත්තට වෙන්න සකස් කිරීමෙන් ඇස් දෙකට ලස්සන පෙනුමක් ගන්න පුලුවන්. ඒකට කරන්න තියෙන්නේ මස්කාරා බ්‍රෂ් එකේ අග හරියෙන් ඇසි පිහාටු ඇසේ කොන පැත්තට ඇදෙන ලෙස ආලේප කරන එකයි.

 

උපදෙස්

රූපලාවණ්‍ය ආචාර්ය

නිලූ කෝරලගේ

 

2020/06/17 තරුණි පුවත්පත බලන්න.