මුහුණේ සම එල්ලා වැටෙයි

ජුනි 24, 2020

ප්‍රශ්නය

වයස අවුරුදු 43 වියැති කාන්තවකි. මාගේ මුහුණේ සම එල්ලා වැටෙන ස්වභාවයක් ඇත. මේ ගැන බොහෝ දෙනකුගෙන් විමසුවද ඔවුන් පැවසුවේ එය ශල්‍යකර්මයකින් සකසා ගත හැකි බවයි. එසේ නොකර මෙය යතා තත්ත්වයට පත්කර ගත නොහැකිද?

නුගේගොඩ - සුදර්ශි

පිළිතුර

ශරීරයේ අනිකුත් ස්ථාන වගේ නෙමෙයි, මුහුණේ සම හරිම සිනිදුයි. ඒ වගේම කවුරුත් ඉස්සෙල්ලම බලන්නේ අපේ මුහුණ දෙසයි. මේ කාරණා නිසා පිරිපුන්, තරුණ පෙනුමක් ඇති මුහුණක් හිමි වෙනවට අපි කවුරුත් කැමතියි.

මෙයට ඇති සාර්තකම විසඳුම ප්ලාස්ටික් ශල්‍යකර්ම සහ ලේසර් ප්‍රතිකාර වුවත් ස්වභාවික සත්කාර මඟින් ද ප්‍රතිඵල ලබා ගතහැකියි. නමුත් ඉන් ප්‍රතිඵල ලබාගැනීමට කාලයක් ගත වේවී. ගෙදර තියෙන දේවල්ම පාවිච්චි කරලා ඔබට ලස්සන වෙන්න පුළුවන්.

අවශ්‍ය වන්නේ බිත්තර සුදුමදයක්, ලෙමන් යුෂ සහ හොඳ මි පැණි පමණයි.

ඒ කාලේ ඉඳන්ම බිත්තර සුදුමදය රූපලාවන්‍ය කටයුතු වලට භාවිතා කරලා තියෙනවා. ඒ එහි ඇති සමෙහි රැලිවටීම් අඩු කරලා සම ශක්තිමත් කරන්න පුළුවන් ගුණය නිසා. ඒ වගේම ලෙමන් පාවිච්චි කරන්නේ සම මත ඇති අනවශ්ය මේදය ඉවත් කරන්නත්, විෂබීජ නාශකයක් වශයෙනුත්. මී පැණි පාවිච්චි කරන්නේ හමේ ර්‍ථඩ අගය පවත්වාගන්න වගේම හමේ තෙතමනය රැකගන්න.

ඉතින් මේ ගුණාංග ඔක්කොම එකට මිශ්‍ර කළවිට ඔබේ සමට කොයිතරම් නම් සත්කාරයක් ඔබ කරනවා කියලා හිතා ගන්න පුළුවන් නේද?

පළමුව මුහුණ හොඳීන් පිරිසිඳු කරගන්න. ඊට පස්සේ බිත්තර සුදු මද එකක්

මී පැණි තේ හැඳී 1ක් ලෙමන් ගෙඩි බාගයක යුෂ එක්ක හොඳීන් මිශ්‍ර කරන්න.

මේ තුනම හොඳීන් කලවම් වුනාට පස්සේ, ඇඟිලි තුඩු අඟින් හරි එහෙමත් නැත්නම් ථචඬඥභන ඡපභඵඩ එකකින් හරි මුහුණ මත ආලේප කරන්න. හැබැයි ඇස් වටා, තොල් මත ආලේප කරන්න එපා. මේක සමට හොඳීන් ඇලෙනකම් විනාඩි 20ක් තියන්න.

මේ මිශ්‍රණය සම මත හොඳීන් වේලුනාට පසු, සිතල වතුරින් සෝදලා ඉවත් කරන්න. පස්සේ මුහුණේ තෙත මාත්තු කරලා, මොයිචරයිසර් එකක් ගලවන්න. මේ හදාගත්තු මිශ්‍රණය ඉතුරු වුනොත් ශීතකරණයේ තියලා දවස් 2ක් ඇතුලත නැවත භාවිතා කරන්නත් පුළුවන්.

මේ සත්කාරය නොකඩවා මාස තුනක කාලයක් කරගෙන යන විට ඔබටම ප්‍රතිඵල දැක ගත හැකි වේවී.

 

උපදෙස්

රූපලාවණ්‍ය ශිල්පී

සමන්ත ගුණසේකර

 

2020/06/24 තරුණි පුවත්පත බලන්න.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.