නෙරා ඇති උදරය නිසා පීඩාවෙන්

අගෝස්තු 14, 2019

ප්‍රශ්නය - මා හට හැඩැති සිරුරක් හිමි වී ඇතත් උදරය පමණක් ඉදිරියට නෙරා ඇත. එය මට මහත් ගැටලුවකි. මට තවමත් වයස අවුරුදු 26 කි. තරුණ වයසකදි මෙවැනි ගැටලු ඇති වන්නේ ඇයි? මේ හේතුව නිසා ඇඳුම් තෝරා ගැනීමේදී ද අපහසුතාවට පත් වේ. මෙයට මා කුමක් කළ යුතු ද?

ගල්ගමුව - අයානි

 

පිළිතුර

උදරය වැඩි බොහොමයක් දෙනකුගෙ තියෙන තමයි උදරය අඩු කරගෙන, ලස්සනට ඇඳලා, පහසුවෙන් ජිවත් වෙන්න. ඒත් එහෙම වෙන්න නම් නෙරා ආ උදරය අඩු කරගන්න ඕනේ.

ව්‍යායාම කියන්නේ ශරීරයේ මේද දහනයට හොඳම ක්‍රමයක්. ඇඟ මහන්සි කිරීමෙන් ඔබේ සිරුරේ මේදය දහනය වෙනවා. දිනකට අඩුම තරමේ විනාඩි 15 ක්වත් ඇඟ වෙහෙසා ව්‍යායාම කිරීමට පුරුදු වන්න. ව්‍යායාම කරන ගමන් ආහාර පාලනය කළොත් ඔබට ඉක්මනින් උදරය අඩු කර ගන්න පුළුවන්. ඔබ වෙනදා ආහාරයට ගන්න ප්‍රමාණයෙන් භාගයක් පමණ ආහාරයට ගන්න.

සාමාන්‍ය පුද්ගලයකුට දිනකට පැය 6 - 8 ත් අතර නින්දක් ලබා ගැනීම අත්‍යවශ්‍යයි. සෞඛ්‍යය සම්පන්න ජීවිතයකට හොඳ නින්දක් අනිවාර්යයි. එහෙත් ආහාර ගත් විගසම නිදා ගැනීම හොඳ නැහැ. මේකත් උදරය ඉදිරියට ඒමට ප්‍රධාන හේතුවක්. ඒ නිසා ආහාර ගැනීමෙන් පසු ටික වේලාවක් ඇවිදීමට හෝ වෙනත් වැඩක් කිරීමට හෝ පුරුදු වන්න.

 

ක්ෂණික ආහාර, පිටි ආහාර, කඩ කෑම කන එක නතර කරන්න. කඩ කෑමවල අධික වශයෙන් තෙල් අඩංගුයි. මේවා ඔබේ සිරුරේ තියෙන මේද ප්‍රමාණය ඉහළ දමනවා. පිටි සහිත ආහාර අවම කරන්න. රසායනික ද්‍රව්‍ය යෙදූ ආහාර කියන්නේ විවිධ ලෙඩ රෝගවලට ප්‍රධාන හේතුවක්. මෙවැනි ආහාර මඟින් ඔබේ සිරුරේ ක්‍රියාකාරිත්වය වෙනස්කර හෝර්මෝන ක්‍රියාකාරීත්වය ද වෙනස් වේ. එයින් බර වැඩිවීම, උදරය ඉදිරියට නෙරා ඒම ආදි අතුරුඵල ඇති වේ.

 

ග්‍රීන් ටී කියන්නේ මේද දහනයට ඉතාමත් හොඳ පානයක්. ඒ වගේම දෙහිත් මේද දහනයට උපකාරි වෙනවා. වතුර පානය කිරීමත් ඉතාම අවශ්‍යයි.

 

මේ උපදෙස් අනුගමනය කළොත් නෙරා ආ උදරය කෙටි කාලයකිනන් අඩුකරගත හැකියි.

 

2019/08/14 තරුණි බලන්න