පවුලක් ලෙස එක්වී අවුරුදු සමරමු

අවුරුදු නැකැත් චාරිත්‍ර
අප්‍රේල් 8, 2020

සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමේ නිමිත්ත අරභයා අවුරුදු උදා වන්නේය. මනුෂ්‍යයාගේ උපතේ සිටම අවසානය දක්වාම නැකත් උපයෝගි වේ.

ලොව කිසිම ජාතියක් එකම වේලාවකට වැඩ ඇල්ලීම,ළිප ගිනි මෙලවීම, ආහාර පිසීම,ආගමික වතාවත් වල යෙදීම මෙන්ම එකම වෙලාවකට එකම වර්ණයෙන් යුක්ත වස්ත්‍රාභරණයෙන් සැරසී වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව සිදු කරන්නේ නැත.

නමුත් සිංහල බෞද්ධයන් වන අපි සුබ නැකැත් වෙලාවට මෙවන් චාරිත්‍ර සිදු කරන්නෙමු.

ලැබුවා වූ මේ සිංහල අවුරුද්ද වෙනත් කිසිදු අවුරුද්දකට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් වූ සොබා දහමට එකග වටපිටාවක් ගොඩ නැගී තිබේ..

මස් මාංස අනුභව කිරීම, මත්පැන් පානය කිරීම, අනාචාරයේ පෙළඹ වීම වැනි සදාචාරාත්මක නොවන ක්‍රියාවලින් බැහැර හුදකලා දිවියක් ගෙවීමට වරම් ලැබී තිබේ.

ලොව කෝටි ප්‍රකෝටි ගණන් වැය කර න්‍යෂ්ටික අවි ආයුධ සදමින් මිනිස් ඝාතන කරන මේ කාල වකවානුව තුළ පියවි ඇසට නොපෙනෙන වෛරසයකින් මුළු ලොවම පාලනය කිරීම අති විශ්මිතය. සොබාදහම මිනිසාට හොඳම හොඳ පාඩමක් කියා දී තිබේ. ඒ වෙන කවරදාකටත් වඩා නිවෙසේ සාමාජිකයන් සමඟ අවුරුදු සැමරිමට අවස්ථාවක් ලැබීමයි. ඉර හඳ පවතින තෙක්ම සියලු සතත්වයා රැකේවායි යන අරුත ඇතිව නව සඳ බැලීමේ සිට සියලු චාරිත්‍ර නිවසේ සිටම සිදු කරනු මැනවි.

අහස් සිතියමේ ග්‍රහ හැසිරීම් රටාවන් නිරීක්ෂණය කිරීමේදී විශම තත්ත්වයේ වටපිටාවක් ගොඩනැඟී ඇති බැවින් කායික මානසික සුවය හා සංවරයන් උදෙසා ක්‍රියා කිරීම අතිශයින්ම වැදගත් වේ..

දෙස් විදෙස් ලක්ෂ සංඛ්‍යාත තරුණී පාඨකයන්ට ලැබුවා වූ සිංහල අවුරුද්ද නිදුක් නීරෝගී වේවා..! ප්‍රාර්ථනා කර සිටිමු....

 

නව සඳ බැලීම අප්‍රේල් 26

 

පුණ්‍යකාලය:-

 

අප්‍රේල් මස 13 වැනි සඳුදා අපර භාග 1:59 සිට එදින රාත්‍රි 2:47

අප්‍රේල් මස 14 වැනි අගහරුවාදා පූර්ව භාග 2:42 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 13 වන සඳුදා අපර භාග 1:59 පෙර ආහාර පාන ගෙන සියලු වැඩ අත් හැර ආගමික වතාවත් වල යෙදීම මැනවි.

 

 

පරණ අවුරුද්ද ස්නානය කිරීම.

 

අප්‍රේල් 11 නුග පත් යුෂ මිශ්‍ර නානු ගා

ස්නානය.

අලුත් අවුරුදු උදාව අප්‍රේල් මස 13 වැනිදා අපර භාග 08:28 සිංහල අලුත් අවුරුදු උදාවෙයි.

 

 

ආහාර පිසීම.

 

අප්‍රේල් මස 13 සඳුදා අපර භාග 10:05 සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැඟෙනහිර දිශාව බලා ළිප් බැඳ ගිනි මොලවා දීකිරි සමග මිශ්‍ර කිරි බතක්ද තල මිශ්‍ර කැවිලි වර්ගයක් සහ අග්ගලා පිළියෙල කර ගැනීම මැනවි.

 

වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය.

 

අප්‍රේල් මස 13 සඳුදා අපර භාග 10:43 සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී කොහොඹ පත්‍ර යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කරනු මැනවි..

 

රැකි රක්ෂා සඳහා පිටත්වයාම.

 

අප්‍රේල් මස 17 සිකුරාදා පු:භා 07:56 ට ලා නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී තල හකුරු මිශ්‍ර කිරිබතක් අනුභව කර නැගෙනහිර දිශාව බලා පිටත් වනු මැනවි.

ඡායාරූපය අන්තර්ජාලය ඇසුරිනි.

 

උපදෙස්:- ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී

ටි.හෙන්රි බෙම්මුල්ල