ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය ඔබ සමඟින් ම යි

නොවැම්බර් 4, 2020

ලිපිය කියවන ඔබ, මම, අපි මේ බොහෝ පිරිස් ආර්ථිකය ඉහළ නංවා ගැනීම මූලීක අරමුණ කරගනිමින් ජීවිතයේ කිසියම්ම හෝ කාලපරිච්ඡේදයක දී කිසියම් ණය මුදලක් යම් වාණිජ බැංකුවකින් හෝ මූල්‍ය ආයතනයකින් ලබා ගත් අය වෙමු.

එසේ ණය මුදලක් හෝ කිහිපයක් ලබා ගත් ඔබ ඔබේ ණය තොරතුරු පිළිබඳ අවධානයෙන් සිටීම අතිශය වැදගත් කාරණයකි. එසේ ම ඔබ ඥාතියෙක්, හිතමිත්‍රයෙක් ණයක් ලබා ගනිද්දී ඇපකරුවකු ලෙස අත්සන් තැබූවකු නම් ඒ පුද්ගලයා එම ණය මුදල නියමිත අන්දමින් ගෙවා ගෙන යන්නේ ද යන්න පිළිබඳ අවධානයෙන් සිටීම ද අත්‍යවශ්‍ය කාරණයකි. ඔබ මෙතෙක් ණය මුදලක් ලබා නොගත්තෙක් වුවත් ඉදිරියේ දී ණය මුදලක් ඉල්ලුම් කරන්නට අපේක්ෂාවෙන් සිටියි නම් ඔබ ඇප වූ පුද්ගලයා නියමිත පරිදි ණය මුදල ගෙවා ගෙන යෑම පිළිබඳ සෙවිල්ලෙන් සිටීම වැදගත් වේවි.

පසුගිය සතියේ CRIB හෙවත් ණය තොරතුරු කාර්යාංශය වෙත ඔබ ඕනෑම ණය මුදලක් ලබා තිබේ නම් හෝ ඇපකරුවකු ලෙස අත්සන් තබා ඇත්නම් එය වාර්තාවන බව සඳහන් කළා මතක ඇති.

ඔබේ ණය තොරතුරු වාර්තාව(iReport)  ඔබට ම ලබාගත හැකිවන්නේ කෙසේ ද යන්න මෙවර සලකා බලමු.

iReport යනු කුමක් ද?

iReport  යනු ඔබේ ණය තොරතුරු වාර්තාව යි.

1990 අංක 18 දරන ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශ පනතේ 2008 අංක 42 දරන සංශෝධනයේ විධිවිධානවලට අනුව ඕනෑම පුද්ගලයකුට හෝ ව්‍යාපාර ආයතනයකට තම ණය තොරතුරු වාර්තාව ලබා ගැනීමේ අවස්ථාව කාර්යාංශය විසින් සලසා දී ඇත.

ඔබ මාස හයකට හෝ එසේ කිහිප වතාවකට වරක් රුධිර පරීක්ෂණ, මුත්‍රා පරීක්ෂණ ආදිය සිදු කරමින් සෞඛ්‍ය තත්ත්වය යහපත් අන්දමින් පවත්වාගෙන යන්නට උනන්දුවක් දක්වන අයකු නම් එලෙසම මනා මූල්‍ය සෞඛ්‍යයක් පවත්වා ගෙන යෑම ද හිතකර වේවි. එසේ නම් ඔබ කළ යුතු වන්නේ ණය තොරතුරු පිළිබඳ විටින් විට පරීක්ෂා කර බැලීමයි.

ඔබගේ ණය තොරතුරු වාර්තාව ලබා ගැනීම කළ හැකිවන්නේ කෙසේ ද?

ඕනෑම පුද්ගලයකුට, ආයතනයකට තමාගේ ණය තොරතුරු වාර්තාව ණය තොරතුරු කාර්යාංශයෙන් ලබා ගත හැකි වේ. අවශ්‍ය වන්නේ අනන්‍යතාව තහවුරු කිරීමයි. ණය තොරතුරු කාර්යාංශය එහි රහස්‍යභාවය උපරිමයෙන් සුරකී. ණය තොරතුරු වාර්තාව ක්‍රම තුනක් ඔස්සේ ලබා ගත හැකි වේ.

 

අදහස් දැක්වීම

ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ අධ්‍යක්ෂ සාමාන්‍යාධිකාරී

නන්දි ඇන්තනි සහ මෙහෙයුම් කළමනාකරු

ඉන්දික දිසානායක

 

 

2020/11/04 තරුණි බලන්න