නව විලාසිතා

ජූලි 24, 2019

විලාසිතා නිර්මාණකරණය කියා අප හඳුන්වන්නේ යම් නිශ්චිත කාල සීමාවක් තුළ සංස්කෘතිකමය හා සමාජයීය බලපෑම් යටතේ නිර්මාණය වන නව ඇඳුම් පැලඳුම්වලටය. බොහෝවිට මෙවැනි විලාසිතාවල ජනපි‍්‍රයතාවය පවතින්නේ ඉතා සීමිත කාලයක් විය හැකියි. නව විලාසිතාවන් බිහිවන විට, පෙර විලාසිතාව කෙමෙන් නැති වී යයි. එයයි විලාසිතා නිර්මාණකරණයේ ඇති විශේෂත්වය.

විලාසිතා නිර්මාණ ශිල්පියකු වූ සෑම විටම උත්සාහ දරන්නේ නව ඇඳුම් පැලඳුම් තුළින් අපට, වඩාත් සුන්දර පෙනුමක් ලබාදීමටයි. නව සංකල්පයන්ට අනුව නව විලාසිතා නිර්මාණය කිරීමෙන් පුද්ගලයාගේ පෙනුමට කැපී පෙනෙන විශේෂත්වයක් එක් කළ හැකියි.

වර්තමානයේ ගැටලුවක්ව පවතින කොරල්පර විනාශය මූලික කොටගෙන මෙවර විලාසිතාවන් නිර්මාණය කර තිබේ. මේ නව ඇඳුම් විලාසිතාවන් තුළින් පෙන්නුම් කරන්නේ දූෂණය වෙමින් පවතින මුහුදු කොරල් පර හා ජලය විනාශ වීම හා එයට හේතුවන්නා වූ ඉවතලන අපද්‍රව්‍ය ජලයට මුදා නොහැර ඒවා ඵලදායී ලෙස ඇඳුම් ආයිත්තම් සඳහා යොදා ගන්නේ කෙසේ ද යන්නයි. එවැනි ඉවතලන දේ යොදා ගනිමින් ඇඳුම් පමණක්ම නොව කරාබු, මාල, hair band (Fashion Accessories වැනි දෑ වුවද සාදා ගත හැකි බව මෙමඟින් පැහැදිලි වේ.

කොරල් පර තේමාව කරගත් මෙම විලාසිතා සඳහා ඉවතලන පොලිතීන්, CD තැටි, බීම බට, අයිස්පලම් කෝටු, ගෝනි, හැට්ට කටු, වාහන washers, පොල් කටු සහ බොත්තම් භාවිත කර ඇත. මෙවැනි ඉවතලන දෑ යොදා ගනිමින් සිදුකළ හැකි දේ බොහොමයි.

ඇඳුම් නිර්මාණය සඳහා යොදාගෙන ඇත්තේ ලිනන් Linen රෙද්දයි. ඊට අමතරව ගෝනි රෙද්දත් අමු රෙද්දත් යොදාගනිමින් අලංකාරයක් ගෙන දී තිබෙනවා. සියලුම ඇඳුම් අතින්ම මසා නිම කර ඇත.

නව සංකල්පයන්ට අනුව මෙවැනි විලාසිතා නිර්මාණකරණය තුළින් තමාට ආවේණික වූ නිර්මාණශීලීත්වයක් ගොඩ නඟා ගත හැකියි. ඔබත් නව නිර්මාණ බිහිකිරීම සඳහා මෙය අත්වැලක් කරගන්න.

 

 

2019/07/24 තරුණි බලන්න