විදෙස් ගමන් බලපත්‍ර ගාස්තු සංශෝධනය වෙයි

ජූලි 31, 2019

ගමන් බලපත්‍ර නිකුත් කිරීම

වර්තමානයේ නිකුත් කරනුයේ සියලුම රටවල් සඳහා විදෙස් ගමන් බලපත්‍රයයි.

එය සාමාන්‍ය ගමන් බලපත්‍ර, රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍ර, රාජකාරි ගමන් බලපත්‍ර වශයෙන් බෙදා වෙන් කෙරේ.

සාමාන්‍ය ගමන් බලපත්‍ර ලබාගැනීමේ දී

මෙහිදී වලංගු ගමන් බලපත්‍රයක් දැනටමත් ඔබ සතුව ඇත්නම් ඉල්ලුම්පත සමඟ එය ද ඉදිරිපත් කළ යුතුවේ. එසේම ජීව දත්ත අඩංගු පිටුවේ ඡායා පිටපතක් ද ඉදිරිපත් කළ යුතුවේ.

 

ඡායාරූප ශාලාවෙන් ලබා දුන් රිසිට්පත (මේ පිළිබඳ වැඩි විස්තර ලබන සතියේ)

දඉල්ලුම්කරුගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත සහ ඡායා පිටපතක්.

දඉල්ලුම්කරුගේ ජාතික හැඳුන්ම්පතේ මුල් පිටපතක් සහ

ඡායා පිටපතක්.

විවාහයෙන් පසු භාවිතවන නම සනාථ කිරීම සඳහා

විවාහ සහතිකය සහ ඡායාපිටපතක්

වෘත්තීය සඳහන් කිරීමට අවශ්‍ය නම් වෘත්තියට අදාළ සහතික හා සේවය සනාථ කිරීමේ පිළිගත හැකි ලියවිල්ලක් සහ ඒවායේ ඡායා පිටපත්.

ඉල්ලුම්පත් ලබා ගැනීම

බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි සුහුරුපාය ගොඩනැගිල්ලේ ඇති ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන් අයදුම්පත් ලබාගත හැකි වේ.

මීට අමතරව නුවර, මාතර, වවුනියාව සහ කුරුණෑගල පිහිටි ප්‍රාදේශිය කාර්යාලවලින්.

ඔබ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්

 

2019/07/31 තරුණි බලන්න