සාර්ථක ව්‍යාපාරිකයකු වන්නට නම්...

අගෝස්තු 14, 2019

ජීවිතය දිනීමට යාමේ දී අප අද ජීවත් වන සමාජ වටපිටාව ගැන ද අවධානය යොමු කිරීම වැදගත් වේ. ඒ අනුව අද ඔබට කටයුතු සිදු කරන්නට සිදු වී ඇත්තේ සිතාගත නොහැකි වේගයකින් සියල්ල වෙනස් වන ලෝකයක ය. පසුගිය වසර දහය තුළ සිදු වී ඇති වෙනස්කම් ගැන සිතා බැලීමෙන් මෙය තහවුරු කරගත හැකියි.

මෙයට වසර 20කට පමණ පෙර දුරකථනයක් ලබා ගැනීම ඉතා සුළු පිරිසකට හිමිව තිබූ වරප්‍රසාදයක් වන අතර අද දුරකථන මහමඟ පවා විකිණෙයි. තමා සහ තමා අවට ජීවත් වන අයගේ ජීවිත ජංගම දුරකථන භාවිතය නිසාම සිදු වී ඇති වෙනස සලකා බලන විට සමාජයේ වෙනස් වීමේ සීග්‍රතාව සිතා ගත හැකි වනු ඇත.

ලෝකයේ සෑම රටක් ම, සෑම ආර්ථිකයක් ම පාහේ එකිනෙකට සම්බන්ධ වී ඇත්තේ මකුළු දැලක් මෙනි. ලොව එක් කෙළවරක ආර්ථිකයක සිදු වන වෙනස ලොව පුරා සෑම රටකට ම අඩු වැඩි වශයෙන් දැන ගැනීමට, ඉන් කිසියම් බලපෑමක් ඇති වීමට ගත වන්නේ ඉතා සුළු කාලයකි.

මෙවැනි කාලයක සාර්ථක වීමට තිබිය යුතු කුසලතා ගණනාවක් පවතී. එහෙත් ඒවා මෙයට දශක දෙකකට, තුනකට පමණ පෙර වැදගත් බවක් ඇතැයි නොසලකන ලද ඒවා වෙයි. අවුරුදු උත්සව කාලවල දී පවත්වන බොහෝ තරග මෙම කුසලතා පිළිබඳ උදාහරණ සපයයි.

දෙහි ගෙඩිය හැන්ද උඩ තබාගෙන දිව යාම. මේ තරගයෙන් දිනීමට නම් සමබරතාව, ඒකාග්‍රතාව හා වේගය යන සියල්ල එකිනෙකට ගැළපෙන ලෙස කටයුතු කළ යුතුයි. එමෙන්ම අද ව්‍යාපාර ලෝකයේ ද සාර්ථක වන්නට නම් වේගය, ඒකාග්‍රතාව හා සමබරතාව එක සේ තබා ගත යුතුය. බ

ලිස්සන ගහේ යාම. විවිධ බාධක හමුවේ පසු බැසීම්වලට ලක්වන නමුත් දිරි ගෙන යළිත් තම අරමුණ කරා යන ගමනට අවතීර්ණ වීමට මානසික ශක්තියත් කායික ශක්තියත් අවශ්‍ය වේ. මෙය සමාන කළ හැක්කේ ලිස්සන ගහේ යාමටයි.

ගෝනි රේස් වලින් ජය ගැනීමට නම් තමා වෙත ඇති සීමාවන් හඳුනාගෙන එයට ගැලපෙන ලෙස පියවර තැබිය යුතුය. මෙය සමාන කළ හැකි වන්නේ තිබෙන සීමාවන් තුළ ව්‍යාපාර කටයුතු සාර්ථක කරගැනීමටයි. එය ද මානසික කුසලතාවකි.

උපදෙස් කළමනාකරණ උපදේශක

දීපාල් සූරියආරච්චි

 

2019/08/14 තරුණි බලන්න

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.