යුග දිවියේ චමත්කාරය

උදුරා ගන්නා ඒකාකාරීත්වය
අගෝස්තු 28, 2019

සුළඟ අපට නොපෙනෙයි. එහෙත් දැනෙයි. විටක එය මඳ පවනකි. තවත් වරක සුළි කුණාටුවකි. කුණාටුව ටොනාඩෝවක් වන අවස්ථා ද තිබේ. හමන සුළඟ නොදැනෙනවා නම් සුළඟක් ඇති බව ද අමතකවී යයි. ජීවිතයක් වටා ද හමා යන සුළඟක් පවතී.

ඒ ආදර පවනයි. දෙනෙතට දෙනෙතක් බැඳී හදවත උණුසුම් වූ විට ටොනාඩෝවක් බවට පත්වන සෙනෙහස විවාහ වූ අලුත මඳ පවනකි. වසරින් වසර ගෙවී යන විට මඳ පවන ද හුස්ම පොද තරමටවත් නොදැනෙන තත්ත්වයට පත්වෙයි. එවිට නිතර දකින කරමලත් ආදරයත් අතර වෙනසක් නැත.

දෙදෙනකු විවාහවන්නේ ආදරයේ කූටප්‍රාප්තියට පත් වූ විටය. විවාහය ආදරයේ කිරුළයි. කිරුළ රැකෙන්නට රජුට බලය තිබිය යුතුයි. වාගේම විවාහය රැකෙන්නට ආදරය සුරක්ෂිත විය යුතුයි. ඒ සඳහා ආදරය දවසින් දවස අලුත් වීම ඉතා වැදගත්ය.

ආදරය, විවාහය යන අකුරු හතරට කොටුකර තමන්ගේ ලෝකවල ජීවත්වීම විවාහ දිවිය ඒකාකාරීවීමට එක් හේතුවකි. ඒකාකාරී යුග දිවිය සැමියාගේ/බිරියගේ ස්වභාවය මුළුමනින්ම වෙනස් කරයි.

බිරියට/සැමියාට නැති තැන රැකියාවට, මිතුරන්ට හිමිවන්නේ එවන් සබඳතාවකදීය.

මෙවැනි දෙදෙනකු ආදරයෙන් වෙළී සිටින මොහොතක පවා මනසේ රජ කරන්නේ හෙට දවසේ රාජකාරි වට්ටෝරුවයි. දවසින් දවස සෙනෙහස නැවුම් කරගැනීමට සිතක් පහළ නොවෙයි. එකිනෙකා වෙනුවෙන් කරනා කැපවීම් වෙනුවට ඇත්තේ තමන්ගේ මනාපයන් මුදුන් පත් කරගන්නා අරගලයකි.

 

 

2019/08/28 තරුණි බලන්න