දිරියට සවියක් පළමු වැඩමුළුවට

සැප්තැම්බර් 4, 2019

 

උණුසුම් ප්‍රතිචාර

 

 

ශ්‍රී ලංකාව තුළ නව ව්‍යවසායකත්ව සංස්කෘතියක් ඇති කිරීමේ අරමුණින් තරුණී 50 වැනි සංවත්සරය වෙනුවෙන් ඇරැඹි තරුණී ඉඡ්ච් දිරියට සවියක් පළමු වැඩමුළුව ඉසුරු ළඳුන් නමින් කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ පිහිටි කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ දී අති විශාල පාඨක පිරිසකගේ සහභාගිත්වයෙන් පසුගිය දා පැවැත්විණි. එම වැඩමුළුවේ දී තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වූ මෙන්ම පවතින ව්‍යාපාරය සංවර්ධනය කරගැනීමේ අරමුණෙන් සහභාගි වූ දිරිය කතුන්ට උපදෙස් මෙන්ම අනගි ව්‍යාපාරික අවස්ථා රැසක් ද උදාවිණි.

 

 

මෙම අවස්ථාවට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ (ඉථචතත ඡ්දබඥපනපඪඵඥඵ ච්ඥමඥතධනථඥදබ ච්ඪමඪඵඪධද) ඉඡ්ච් අධ්‍යක්ෂ සුධීර ජයරත්න, කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සහය අධ්‍යක්ෂිකා ජානකී විජේසිරි, තරුණී ප්‍රධාන කර්තෘ ඉඳුනිල් වීරරත්න, තරුණී නියෝජ්‍ය කර්තෘ චම්පිකා දීපානි රණසිංහ, ලේක්හවුස් ආයතනයේ සන්නාම ප්‍රවර්ධන කළමනාකාරිණී මහේෂිකා නාරංගොඩ, ජාතික යොවුන් සේනාංකයේ අතිරේක අධ්‍යක්ෂ මහානාම විජේසිංහ අතුළු පිරිස සහභාගී වූහ.

 

 

 

 

 

ඡායාරූප

ටෙනිසන් එදිරිසිංහ

ශාන් රූපස්සර

 

2019/09/02 තරුණි බලන්න

 

 

 

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.