දැනුම නිසි තැනට ගළපාගෙන ජීවිතය සාර්ථක කරගනිමු

ජූලි 22, 2020

යම් කාර්යයක් ආරම්භ කිරීමට ප්‍රථම මෙහි අවසාන ප්‍රතිඵලය කුමක්වේදැයි අප බොහෝ විට සිතා බලයි. එසේ නැතිව ක්‍රියා කිරීම කරන්නන් වාලේ වැඩ කිරීමක් බව අපි හැම දෙනාම හොඳින් ම දනිමු. එම නිසා යමක් කිරීමට පළමු එහි අවසාන ප්‍රතිඵලය එනම් බලාපොරොත්තු වන දෙය, ඉලක්කය පිළිබඳ අප දැනුවත් විය යුතුය. අපට යමක් කිරීමේදී ඉලක්කයක් තිබීම වැදගත් වේ.

අපේ මේ උත්සාහය ඔබේ කාර්යයන්ට ඉලක්කයක් සපයමින් එය සාර්ථක කරගැනීමට ඔබට මාර්ගයක් සපයා දීමයි. මෙහි පළමුවැන්න අපි පසුගිය සතියේ දී ඉදිරිපත් කළ අතර අද එහි දිගුවක් ඔබට ඉදිරිපත් කරන්නෙමු.

ඔබ මේ ලිපිවල ඇති වැදගත් කරුණු උකහාගෙන ඒවා ජීවිතයට බද්ධ කරගත යුතුයි. Knowing is not enough, you must apply  and practice.  මන්ද අපි දේවල් දැනගෙන සිටීමෙන් පමණක් එය ජීවිතයට වැදගත් නොවේ. වැදගත් වන්නේ ඒ දැනුම නිසි තැනට ගළපාගෙන ජීවිතය සාර්ථක කර ගැනීමයි.

ඇත්තටම අපේ රටේ මිනිසුන් තුළ දැනුම පිළිබඳ ලොකු හිස්තැනක් නැති තරම්. කළයුතු, නොකළ යුතු දේ පිළිබඳ ඔවුන්ට හොඳ දැනුමක් පවතී.

නමුත් නොතිබෙන්නේ ඒවා ක්‍රියාත්මක නොකිරීම පිළිබඳ ගැටලුවකි. අපි යමෙකුගෙන් වේගයෙන් රිය පැදවීම හොඳ ද නරක ද කියා විමසුවහොත් දෙවරක් නොසිතාම එය වැරැද්දක් බව පවසයි. නමුත් දිනපතා ම පාහේ රිය අනතුරුවලින් අපේ රටේ ජීවිත කිහිපයක් අහිමි වේ.

 

උපදෙස් ප්‍රවීණ දේශක හා මනෝ විද්‍යා පුහුණු උපදේශක මොහාන් පල්ලියගුරු

 

2020/07/22 තරුණි පුවත්පත බලන්න.