ලෝක කාන්තා දිනය වෙනුවෙන් පැවැත්වෙන 'අභිමානවත් ඇයගේ සතිය'

මාර්තු 3, 2021

මාර්තු 08 වැනිදා සිට 14 දක්වා

 

කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසලේ හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය
පියල් නිශාන්ත මහතා

 

තව දින කිහිපයකින් ( මාර්තු 08) වැනිදා ජාත්‍යන්තර කාන්තා දිනයට යෙදී තිබේ. කොරෝනා වසංගතය හේතුවෙන් මෙවර එය සැමරීම අතිශයින් අභියෝගාත්මක වුවත්, කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යපනය, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යක්ෂ අමාත්‍යංශය මාර්තු 08 වැනිදා සිට සතිය පුරා විවිධ වූ තේමාවන් ඔස්සේ එය සැමරීමට සූදානම් වෙයි.

“ රටකි දැයකි ලොවකි ඇය” මෙවර අපේ රටේ කාන්තා දින තේමාවයි. ඒ අනුව කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසලේ හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා කාන්තා දින වැඩසටහන් ගැන තරුණීට තැබූ සටහනක සාරාංශයයි.

මෙවර කාන්තා දිනය සමරන්නේ අභියෝග රැසක් මැදයි. එම සියලු අභියෝග මැද කාන්තා දිනය සැමරීමට සතියක කාලයක් වෙන් කර තිබීම අගය කළ යුතු කටයුත්තකි. මාර්තු 08 දින ආරම්භ වන එම වැඩසටහන් මාලාව මාර්තු 14 දක්වා මුළු දිවයින පුුරාම පැවැත්වීමට කටයුතු යොදා ඇත්තේ කාන්තා අභිමානය ලොවටම ප්‍රදර්ශනය කරමිනි.

ආදරණීය මවක්, දියණියක්, සහෝදරියක් ලෙසින් මේ මහ පොළොව මත ඇය ඉටු කරන මෙහෙවරට ගෞරවයක් ලෙසින් පවත්වන මෙම වැඩසටහන් මාලාව ඉලක්ක කරගෙන ඇත්තේ එක් දිනයකට පමණක් සීමා නොවන පුළුල් වැඩසටහන් ලෙසිනි.

මේ මහ පොළොව මත මවගේ ගුණ ලියා නිම කරන්නට නොහැකිය. ඇයගේ ගුණ ලියා මහ පොළොව අවසන් වුවත් මව් ගුණ ලියා නිම කළ නොහැකි වෙයි. එවැනි වූ මහා ගුණ කදම්භයක් හිමි ආදරණීය අම්මා කේන්ද්‍ර කරගත් අපගේ පවුල් කුඩුම්බය ශක්තිමත් කිරීමට මවක් කරා කැපවීම පටු නොවෙයි. එම ගුණ කදම්භයට නිසි වටිනාකමක් හා ඇගයීමක් ලබා දීම වෙනුවෙන් මෙම වැඩසටහන සැලසුම් කර තිබේ. මාර්තු 08 දින ආරම්භ කර මෙම වැඩසටහන් මාලාවේ පළමු වැඩසහටන වන්නේ “ අම්මාවරුනේ” නම් සෞන්දර්යාත්මක වැඩසටනයි.

මෙම වැඩසටහන පියල් නිශාන්ත මහතා විසින් 2013 වසරේදී ඔහුගෙන් මව මිය ගිය පසු ආරම්භ කළ වටිනා අධ්‍යාත්මික වූ සෞන්දර්යාත්මක වැඩසටහනකි. එම වැඩසටහන වඩාත් සංවිධානාත්මක ලෙසින් මෙවර දිවයින පුරාම පැවැත්වීමට ඔහු සැලසුම් කර ඇති අතර එවැනිම වූ වැඩසටහන් රාශියක් මෙම සතිය පුරා සංවිධානය කර තිබේ.