බිත්ති සැරසිල්ලට මල් පොකුරක්

මැයි 22, 2019

පේපර් කුවිලිං කලාවෙන් හැඩ වූ අපූරු මල් පොකුරක්. ටියර් ඩ්‍රොප් සහ මාකිස් හැඩතලවලින් නිර්මාණය කර ඇති මේ මල් පොකුර විසිත්ත කාමරයට අපූරු කළ එළියක් ගෙන එනවා නේද?

 

අවශ්‍ය ද්‍රව්‍ය

නිල්, සුදු, තද දම්, ළා දම්, ලා කහ හා

තද කහ අඟල් 1/8 ඒ4 පටි

කුවිලිං ටූල් එක

ගම්, කතුරක්, කම්බි, රිබන් කොටසක්

මල් රේණු, පබළු

බෝඩ් එකක්

 

සාදන ක්‍රමය

පළමුව සුදු මල සාදා ගනිමු. ඒ සඳහා අඟල් 1/8 ඒ4 පටි දෙකක් එක දිගට අලවා ගන්න. ඉන්පසු ටූල් එක ආධාරයෙන් ටියර් ඩ්‍රොප්ස් එකක් සාදාගන්න.

ඉහි උඩින් ඇඟිලි තුඩු මඟින් තදකර මෙම හැඩය සාදාගන්න.

 

2019/05/22 තරුණි බලන්න