කුඩා ව්‍යාපාර අංශයේ දිරියෙන් ජීවිතය ජයගත් නිරෝෂා

ජූලි 24, 2019

අසුරු සැණින් කාලය ඉගිළී යනවා. අප මේ ජීවත්වන්නේ අකාලයට වටිනාකමක්, මිලක් ඇති යුගයකයි. කාලය රන් හා වටිනවා කියන්නේ එබැවිනි.

එහෙත් අපේ ඇතැම් ගෘහණියන් මේ කාලයෙන් නිසි ප්‍රයෝජන ගන්න බවක් පෙනෙන්නේ නැහැ. සැමියා රැකියාවට ගිය පසු, දරුවා පාසලට යවා ඇය වාඩිවන්නේ රූපවාහිනිය ඉදිරියේ. තත්පර, විනාඩි , පැය ගතවී යනවා. මේ ගෙවී යන්නේ ඇගේත් පවුලේත් දියුණුවට අවැසිම කාලයයි.

එහෙත් නුවණින් කල්පනාකර බලා කාලයෙන් උපරිම ප්‍රයෝජන ගත් දිරිය කතක් පසුගිය දා අපට මුණ ගැසිණි.

ඇය නිරෝෂා සමන්මලී. අංක 106/0, ඉහළ ලුණුගම, මණ්ඩාවල ඇගේ ලිපිනයයි. මේ වනවිට ළදරු ඇඳුම් නිෂ්පාදන අංශයට යොමුව නිවෙසේ ආර්ථිකය ශක්තිමත් කරගන්නට සමත් වී සිටී.

මේ ඇගේ දිරිය කතාවයි.

“මම උසස් පෙළ වාණිජ අංශයෙන් හැදෑරූ අයෙක්. පාසලෙන් සමුගත් කාලයේම විවාහයත් සිදුවුණා. මා රැකියාවක් කරන්න කැමැත්තෙන් පසුවුවත් ඒ සඳහා සැමියාගේ අවසරයක් ලැබුණේ නැහැ. අපේ විවාහයට දෙවසරක් පිරෙද්දී පුතෙක් ලැබුණා. මේ කාලයේ දීම වගේ මගේ ළඟම ඥාතියකු අසනීප වුණා.

මගේ පවුලේ ගැහැනු ළමයි 4 දෙනයි. පවුල ගැන ලොකු වගකීමක් මටත් දරන්නට වුණා. ඉතින් අර ඥාතියාගේ අසනීපය වෙනුවෙන් දිවා රාත්‍රී නොබලා මහරගම රෝහලට යන්නට සිදුවුණා. ඒ යන අතරතුර මහරගම රෙදි කඩ දැක්කා. කිරිඳිවැල ඉඳන් මහරගම යන එකේ කාලයෙන් ප්‍රයෝජනයක් ගන්න ඕනෙයි කියලා හිතුණා.

 

2019/07/24 තරුණි බලන්න

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.