සබරගමු පළාතේ නම රැන්දූ

පැළ තවානක් හිමි කුමාරි
අගෝස්තු 28, 2019
 ඡායා - නාරද ගුරුසිංහ

ආසාවට එක පැළයක් මිලට ගත් මටඅද සාර්ථක ව්‍යාපාරයක හිමියි

 

ගැහැනියකට ජීවිතයේ විඳින්නට ලැබෙන දුක් ගැහැට අපමණයි. අනන්තයි. එහෙත් ධෛර්යයවන්ත ඇයට සියල්ල දරාගැනීමේ ශක්තිය මහමෙරක් තරම්ය. ඇය කුමාරි ප්‍රේමරත්න. මාවනැල්ල ප්‍රදේශයේ සාමාන්‍ය පවුලක උපත ලැබූ දිරිය දියණියකි.

“මම පුංචි කාලේ පටන්ම විඳි දුක වෙන කිසිම ගැහැනියක් විඳලා නැතුව ඇති. එහෙම හිතෙන තරමටම මම අසරණ වූ කාල වකවානුවක් තිබුණා. මගෙ සැමියා නිලංග ප්‍රදීප්. පේ‍්‍රම සම්බන්ධයකිනුයි අපි විවාහ වුණේ. ඒ කාලයේ ඔහුට ස්ථිර රැකියාවක් තිබුණෙත් නැහැ. අපට දූවරුම තුන්දෙනෙක් ලැබුණා. නිහාරි, බිනුලි, චනුලි දූවරුන් තුන්දෙනකුගේ වගකීම දරන්න බැරිතරම් ආර්ථික අගහිඟතා මතු වුණා. දිනෙන් දින කරකියා ගන්න දෙයක් නැතිවුණා.

දවසක් මම කෑගල්ලෙ ටවුමට ගිය වෙලාවක මල් පැළ විකුණන ලොරියක් දැක්කා. ඉන්න හිටින්න ගෙයක් නැතත් පිළිවෙළකට, ලස්සනට ඉන්න මම හරි ආසයි. අතේ තිබුණ මුදලින් මල් පැළයක් මිලදී ගත්තා. ඒ මල් පැළය සරුවට හැදුණා. ඔය විදිහට ටවුමට ගිය හැම වෙලාවකම මල් පැළය ගානේ අරන් ඒමේ පුරුද්දක් ඇති වුණේ ඒ ගස්වල ලස්සන මල් පිපෙන හින්දා.

 

2019/08/28 තරුණි බලන්න