සාර්ථක වෙන්න අවශ්‍ය නම් එක් දෙයක් පමණක් කරන්න

ජනවාරි 1, 2020

ජීවිතය දිනන්නට ඔබට දිරි දෙන ‘දිරියට සවියක්’ ලිපි මාලාවට ලැබෙන ප්‍රතිචාර බොහොමයි. තරුණී කර්තෘ මණ්ඩලයේ දුරකථනයට නිවනක් නැති වීමෙන් එය මනාවට සනාථ වේ.

මේ වෙනුවෙන් ඔබේ ජීවිතයට නව පැහැයක් එකතු කරන්නට අප හා වෙහෙසෙන ඒ සොඳුරු හිතැත්තා කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ සුධීර ජයරත්න මහතායි. රන් හා වටිනා අදහස් ඔහු අප හා පැවසුවේ උදා වූ නව වසරට ඔබට පිදෙන වටිනාම තිළිණයක් ලෙසිනි.

ශ්‍රී ලංකාවේ හැම ප්‍රදේශයකම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට සම්බන්ධ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයක් (ඉඡ්ච්) පිහිටුවා තිබෙනවා. ඒ හැම එකකින්ම වැඩමුළු, නිෂ්පාදන පුහුණු වැඩසටහන් පවත්වනු ලබනවා. මේ අනුව යම් ස්වයං රැකියාවක නියුතු වන්නට වෙර දරන දැනට ස්වයං රැකියාවක් සිදුකරන ව්‍යවසායකයන් මට මුණ ගැසෙනවා. කියන්න සතුටුයි ඇතැමුන් අපි ලබාදෙන උපදෙස් මත කටයුතුකර සාර්ථක ගමනක් යනවා. ඒ අතර තවත් අය අන්ධකාරයේ අතපත ගානවා. ඒ අයට තමන්ට සුදුසු තමන්ට කළ හැකි නිෂ්පාදනය තවමත් සොයාගැනීමට නොහැකි වෙලා.

“මම අකුරැස්සෙ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයට යොමුවෙලා දිස්ත්‍රික් කාර්යාලයේ පවත්වපු රූපලාවණ්‍ය වැඩමුළුවට සහභාගී වුණා. දැන් මම සැලෝන් එකක් කරගෙන යනවා. සැලෝන් එක ගෙදරමයි තියෙන්නේ. ඉතින් මම කස්ටර්මස්ලා නැති වෙලාවට මල් පැළ හිටවනවා. ඒවා අලෙවි කරන ගමන් ඉඳලා හිටලා කඩයප්පන් හදලත් විකුණනවා.

අනේ මන්ද මේ කෝක කළත් තමා එකම තැන. කිසිදේක දියුණුවක් නැහැ. එක පැත්තකින්වත් ගොඩ එන්න බැහැ. දැන් මම ණයක් අරන් නිමි ඇඳුම් ගෙනත් විකුණන්න හිතන් ඉන්නවා.”

“මේ කතාව මම වගේම ඔබත් අසා හුරුපුරුදු එකකි. මොන දේ කළත් දියුණුවක් නැහැ කියන අයට යා යුතු හරි මඟ අද මම කියන්නම්”

 

උපදෙස් - කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ

සුධීර ජයරත්න

2020/01/01 තරුණි බලන්න