තාක්ෂණය සමඟින් බද්ධ වූ ජීවිතයක අවශ්‍යතාව හඳුනාගනිමින්

Online රැකියා අවස්ථා පහසුවෙන් උදා කර ගනිමු
ජුනි 10, 2020

තාක්ෂණය සිය ජීවීත සඳහා බෙහෙවින්ම සමීප කරගත් අයට උදාවූ වසංගත තත්ත්වය එතරම්ම බලපෑම් කළේ නැති තරම්ය. ලොව සියලුදෙනාටම ආගන්තුක වූ මේ තත්ත්වය දෙස මුලින්ම කවුරුත් කළේ වෙන්නේ කුමක්දැයි බලා සිටීමයි.

සතියක් හමාරක් ගත වීමෙන් පසු එහි බරපතළකම තේරුම් ගත් අපි අපේ ජීවිතවලට නායකත්වය ගනිමින් යමක් කළ යුතුයි යන්න තරයේම සිතට ගන්නට වූයෙමු. බොහෝ පිරිස් නිවෙසේ සිටම රැකියා කටයුතුවල නිරත වන්නට (work some home)වූ අතර, ඇතැමකු මෙතෙක් කළ රැකියාව එහෙම ම තිබියදී අන්තර්ජාලය හරහා අලුත්ම රැකියා අවස්ථා සඳහාද අඩිතාලම දමා ගන්නට නොපසුබට විය.

තාක්ෂණයේ අනුහස් ඒ කෙරෙහි සෘජුවම දායක වේ.

 

ව්‍යවසායකත්ව

(Enterpreneurship )
 

මේ කාලයේදී කුමන හෝ ආදායම් මාර්ගයක් සලසා ගන්නට වෙහෙසුණු අය අපමණය. කුඩා පරිමාණයේ සිල්ලර කඩයක් ඇති අයකු වුව වට්ස්අප් ඔස්සේ තම ගනුදෙනුකරුවන්ට අවශ්‍ය දෑ ඇණවුම් කරන්නට අවස්ථාව සලසා දී තම ව්‍යාපාර කටයුත්ත තාක්ෂණය භාවිත කරමින් අඛණ්ඩවම කරගෙන යන්නට විය. අලුතින්ම ව්‍යවසායකයින් බවට පත් වූවන් තොග කඩවලින් එළවළු, පලතුරු ආදී බඩු භාණ්ඩ මිලදී ගෙන තමන්ගේම වාහනයකින් හෝ කුලියට ගත් වාහනයකින් බඩු බෙදා හරින්නට, වට්ස්අප් ඔස්සේ ලබාගත් ඇණවුම් බෙදා හරින්නට ගත් උත්සාහයන් මේවනවිට බොහෝ තරම් සාර්ථක වී ඇති.

වට්ස්අප්, ෆේස්බුක් ආදී සමාජජාල වෙබ් අඩවි ඔස්සේ මේ කරන්නේ ද අන්තර්ජාලය උපයෝගී කරගනිමින් කරනා රැකියාවකි.

සුපිරි වෙළෙඳසල් ඒ සඳහා ආරම්භයක් දෙද්දී අනෙක් පිරිස් ඔවුන් අනුගමනය කරමින් ඒ පසුපස යන්නට විය. සුපිරි වෙළෙඳසල් ඒ වනවිටත් තාක්ෂණයට පිවිස සිටි නිසා ඔවුන්ට තම ගමන ඉක්මනින් ම අරඹන්නට හැකි විය. වෙබ් අඩවි, වෙබ් පිටු ඒ වනවිටත් ඔවුන් සතු විය.

තොරතුරු තාක්ෂණ සමාගම්

(IT Companies )

තාක්ෂණික දැනුම ඇත්තවුන් එම දැනුම උපයෝගී කර ගනිමින් වෙබ් අඩවි සාදා දෙන්නට, වෙබ් පිටු සකසා දෙන්නට උත්සාහ ගත්තේ මෙතෙක් නොකළ ව්‍යාපාරයකට අත ගසමිනි. රට යථා තත්ත්වයට පත්වෙද්දී ඔවුන් රැකියාවට අමතරව තවත් ආදායම් මාර්ගයකට පිවිසුණා විය හැකියි.

තොරතුරු තාක්ෂණය පිළිබඳ දැනුම නොමැති අයට ⁣මෙවන් සේවයක අවශ්‍යතාව තදින් ම දැනෙන්නට ඇති. පාසල්වලට, විශ්වවිද්‍යාලවලට මේ සඳහා system  සැකසීම තොරතුරු තාක්ෂණ ශිල්පීන් අතින් අතින් සිදු වන්නට ඇති. ඔවුන් නිසැකවම මෙවැනි පුද්ගලයින්ගේ උපකාර පතන්නට ඇති. මිතුරන් දෙදෙනෙක් ,තුන්දෙනෙක් එකතු වී සමාගමක් ලෙස ලියාපදිංචි කිරීමට පවා මෙය අනගි අවස්ථාවක් කර ගන්නට ඇති.

සමීක්ෂණ කටයුතු සහ සංවර්ධන කටයුතු (research & development ) වල නිරත වූවන් මේ දිනවල පවතින වසංගත තත්ත්වයට ගැලපෙන නවතම සොයා ගැනීම් සිදු කරමින් ඊට අවශ්‍ය වෙළෙඳපොළක් ද පහසුවෙන් සකසා ගනියි. මේවා ද කුඩා සමාගම් බවට පත්ව තිබේ.

ඒ ඒ කර්තව්‍යයන් සඳහා ඇප් සැකසීම මඟින් තොරතුරු තාක්ෂණය දන්නා කෙනා හොඳ මුදලක් හරි හම්බ කරයි. මෙවැනි ඇප් එදිනෙදා ජීවිතය පහසු කරන නිසා ඉන් උපරිම ඵල ලබයි.

තාක්ෂණය තම ජීවිත සමඟින් බද්ධ කර නොගත් අයට මෙලෙස ඉදිරි පියවරයන් තබන්නට අපහසු වේවි.

 

උපදෙස්:

ආචාර්ය බුද්ධිමා සුබසිංහ

 

2020/06/08 තරුණි බලන්න.