ඖෂධ දැමූ සෙරෙප්පු වෙළෙඳපොළට හඳුන්වා දුන් ලක්මි

ජූලි 8, 2020

කොයි කවුරුත් තවත් කෙනකුට යටහත් පහත්ව ජීවත්වෙන්න එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. මාතර අකුරැස්ස ග්‍රාමයේ ඉපදී හැදී වැඩුණු මහින්දත් එවැන්නකි. තම පාසල් අධ්‍යාපනය අහවර කළ සැණින් ඔහු තමන්ගේම කියා ව්‍යාපාරයක් ගැන සිහින මැවීය.

එහෙත් ඒ සඳහා පළමුව යෙදිය යුතු එතරම් වත්කමක් තමන්ට හෝ තම මවුපියන්ට නැති බව තේරුම්ගත් මහින්ද වෙනත් රැකියාවකට යොමු විය. හිතේ ආසාවෙන් කරන්න බැරි රස්සාවක් නැත්නම් වැඩක් නැහැ. මෙහෙම කියා රැකියා කීපයකටම සමුදුනි. අන්තිමේදී සංචාරක හෝටලයක රැකියාවකට යොමු වුණි. එයින් ජර්මන් භාෂාව ඉගෙන ගන්නත් අවස්ථාව හිමිවිණි.පසුව කුවේට් රටේ සේවයට විදෙස් ගතවුණි. මේ ඔහුගේ දෛවය ලියවුණු අයුරුයි. එරටෙහි සේවය නිමවා මවුරටට ආ මහින්ද නැවත වෙනත් අය යටතේ රැකියාවක් නොකිරීමට තරයේම අදිටන් කර ගත්හ.

කාලය ගත වුණි. තවමත් කරන්නේ කුමක්දැයි අරමුණක් නොවිණි. ඔහුගේ හිතවතකු සෙරෙප්පු සාප්පුවක් තිබුණි. එහි සෙරෙප්පු සඳහා අඩිය හැදීම අත්හදා බැලීමක් ලෙස සිදු කෙරීය. එය සාර්ථකයි. කුමන හෝ ස්වයං රැකියාවක් කිරීමේ බලාපොරොත්තුවෙන් පසු වූ ඔහු මොරටුවෙන් ලී ගෙනවිත් පෙර කී සෙරෙප්පුවට අඩිය සවි කිරිම ආරම්භ කෙරීය.

 

2020/07/08 තරුණි පුවත්පත බලන්න.