තමන්ගෙම ව්‍යාපාරයක් කරගෙන යාමෙන් ලොකු ආත්ම අභිමානයක් තියෙනවා

සැලෝන් ‘ටෙක්ලා’ හිමිකාරිණිය ටෙක්ලා විජේසිංහ
සැප්තැම්බර් 9, 2020

දියණිවරුන් සිවු දෙනකුගෙන් යුත් පවුලක ඇය වැඩිමහල් දියණියයි. එබැවින් ඇයට තිබෙන වගකීම සුළු පටු නොවේ. “අක්කා හොඳට හැදුණොත් නංගිලා තුන් දෙනත් හොඳට ඉඳිවි.” මේ පවුල දකින කවුරුත් කිවුවෙ එහෙමයි. සැබෑවකි.

ඇය පවුලට පමණක්ම නොවෙයි රටට දැයට සමාජයටද දිරිය දියණියකි. ඇය නමින් ටෙක්ලා විජේසිංහයි. වරකාපොළ, අඟුරුවැල්ල පාරේ ‘සැලෝන් ටෙක්ලා’ හිමිකාරිණියයි.

අම්මා, අප්පච්චි තම දියණියට හැකි පමණින් අධ්‍යාපනයට අත හිත දුන්නේ තමන්ගෙ දුව කාටවත් අතනොපා ජීවත් වෙනවා දකින්නටයි. මේ දියණියන් හතර දෙනාටම ජීවත්වෙන්න සිදුවුණේ පෞද්ගලික ආයතනයක සාමාන්‍ය රැකියාවක් කරන අප්පච්චිගේ වැටුපෙන්ය. ඒ නිසාම පවුලට ආර්ථික ශක්තියක් දෙන්න ගලිගමුව මධ්‍ය මහා විද්‍යාලයෙන් වානිජ අංශයෙන් උසස් පෙළ කළ ටෙක්ලාට ඉක්මනින් රැකියාවක් කිරීමේ අභියෝගයට මුහුණ දෙන්නට සිදුවුණා.

“මම රැකියා කීපයක්ම බැලුවා. ඒත් ගැහැනු ළමයෙක් රැකියාවක් තෝරා ගැනීමේදී කිපවරක්ම හිතලා බලන්න ඕනෙ. එකපාරටම ලැබුණු රැකියාවලට මම ගියෙ නැහැ. 

 

2020/09/09 තරුණි පුවත්පත බලන්න