මෙවන් දුරක් ආවේ නැන්දාගේ ශක්තියෙන් ඇඳ ඇතිරිලි මසා ජීවිතය ජයගත් ගෝනපල ලක්රාණි

නොවැම්බර් 11, 2020

කාන්තාවක් සතු භූමිකා බොහෝයි. විටෙක ඇය දියණියකි. බිරියකි. මවකි. තවත් විටෙක පවුල දිරි ගන්වන සමාජ ආර්ථිකයට සවියක් වන ව්‍යවසායිකාවකි. එවන් වූ විවිධ භූමිකා වලට පණ පොවන දිරිය කතුන් සොයා යන තරුණී ‘දිරියට සවියක්‘ ලිපි මාලාවේදී අපිට හමුවූ ඇය ගෝනපල සිඟිති ලක්රාණි ප්‍රනාන්දුයි.

දරුවකුට මවගේ උණුසුම මහමෙරකි. දියණියක වේවා පුතකු වේවා එය සමානය. එහෙත් දියණිවරුන් මවට බොහෝ සමීපය. මවු තුරුළේ හැදී වැඩෙන දරුවකු සෑම අතකින්ම සුරක්ෂිතය.

ගාල්ල ඉමදූව ගමේ මාපිය යුවළකට උපන් කුළුඳුල් දූ සිඟිත්තිය වූ ලක්රාණිට මවු සෙනෙහසක් පිය සෙනෙහසක් ලබන්නට වරම් ලැබුණේ තෙමසක කාලයකි.

දරිද්‍රතාවයේ හිණි පෙත්තෙහි වූ මේ මාපිය යුවළට රැකියා සොයා කොළොම්තොටට එන්නට සිදුවුණි.

එබැවින් ඔවුන්ට දාව උපන් සිඟිති ලක්රාණි දියණිය මව විසින් තම සැමියාගේ වැඩිමහල් සොයුරියට හදාවඩා ගන්නට දෙන්නීය.

මවුපිය සෙනෙහස අහිමිවන ලක්රාණි තම නැන්දණියගේ ආදරය ආරක්ෂාව ඇතිව හැදී වැඩුණි.

ළමා විය ඉක්මවා යොවුන් වියට එළඹි ඇය අද දරුවන් තිදෙනෙකුගේ ආදරණීය මවකි. හදිසි අනතුරකට ලක්වූ සැමියාවත් ආදරයෙන් බලා කියා ගන්නා අපේ කාලේ දිරිය කතකි.

" මම මගෙ අම්මාට අම්මේ කියලා කතා කරලා නැහැ. අම්මා මුණ ගැසුණත් ඇයට අම්මේ කියන්නට මට හුරු නැහැ.

මම ඉපදී මාස තුනේ ඉඳලම හැදී වැඩුණේ මගෙ නැන්දා ළඟයි.

ඇයයි මා හැදූ අම්මා. මම අද ජීවත් වී සිටින්නේ මවු ගුණ පිහිටි ඇය නිසයි.

නැන්දා දෙහිවල. මගෙ අම්මටයි තාත්තටයි රැකියාවක් කර ගැනීමට මාව බාධාවක් වෙලා. ඒ නිසා මාව හදාගන්නට නැන්දාට භාරදීලා. ඇය එදා භාරගත් වගකීම තවමත් අකුරට ම ඉටු කරනවා.

අදටත් මා පසුපස සිට මට අත්වැල් සපයන්නේ මගෙ නැන්දයි. ඇය මට අධ්‍යාපනය ලබාදීමට මාව මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයටඇතුළත් කළා.

ඒත් මට අ:පො:ස සාමාන්‍ය පෙළ දක්වා පමණයි ඉගෙන ගන්න ලැබුණේ. විභාගයෙන් පස්සේ මම පාසල් ගමනට සමුදුන්නා.

මෙහෙම ඉන්න අතරේදී දෙමටගොඩ පදිංචි ප්‍රියන්ත ගම්මැද්දගේ සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් ඇතිකර ගත්තා.

 

2020/11/11 තරුණි පුවත්පත බලන්න.