ඔබත් කොවිඩ් 19 යැයි සැක සහිත කෙනෙක් ද ?

වහාම 1390 අමතන්න.
මැයි 13, 2020

ලෝකයේ බොහෝ ප්‍රබල රටවල් කොරෝනා වෛරසයට පරාජය වී දහස් ගණන් රටවැසියන් මිය යද්දී රටක් ලෙස අප කොරෝනා වෛරසය පරාජය කිරීමේ සටනේ ජයග්‍රහණය අබියසට පැමිණෙන්නට සමත්ව තිබේ. කොරෝනා වෛරසය පරාද කරලීමට නිහඬ සේවයක් කරන අය බොහෝය. 1390 ක්ෂණික දුරකතන අංකය කොරෝනා හමුවේ සුවිසල් මෙහෙවරක නියැළෙයි.

නව කොරෝනා වෛරසය ආසාදිත වූ රෝගීන් එක්කෙනා දෙන්නා වාර්තා වීමත් සමඟින් ඔවුහු තම සමාජ මෙහෙවර ද ඇරැඹූහ. ඒ මේ වෛරසය බෝවීම වැළැක්වීමට නම් මහජනතාව දැනුවත් කිරීම අත්‍යවශ්‍ය කාරණයක් වූ බැවිනි. ඒ අනුව වෛරසය පිළිබඳ තොරතුරු පිළිබඳ විමසන්නට 1390 දුරකතන අංකය හඳුන්වා දුනි. පළමු පියවරේ දී මූලික වශයෙන් සිදු වූයේ රෝගීන් දැනුවත් කිරීමකි. කොරෝනා යනු කුමක්ද? කොහෙන් කොහොම බෝවන්නක්ද? එයින් ගැලවෙන්නට තමා සතු යුතුකම් සහ වගකීම් මොනවා ද? ආදී වශයෙනි. ලංකාවේ සියලුම දුරකථවල Ring Back Tone   සඳහා කොවිඩ් ආශ්‍රිත දැනුවත් කිරීම් සිදු වූයේ ද මේ හරහාය.

එහෙත් දිනෙන් දින කොවිඩ් 19 රෝගීන් වාර්තා වීම ශීඝ්‍රයෙන් වැඩිවත්ම 1390 ඇමතුම් සේවාව දෙවැනි පියවරකට පා තබමින් තම සමාජ සේවාව තව තවත් පුළුල් කරලන්නට විය.

සෞඛ්‍ය අමාත්‍යංශය සමඟ යුහුසුළුව වැඩ කටයුතු ඇරැඹූ ඔවුන් ඒ අනුව අවදානම් මට්ටම් අනුව රෝගීන් කාණ්ඩගත කරයි. 1390 කෙටි දුරකතන අංකය දැන් National Covid 19 Premium Hotline  ලෙස නම් කොට තිබේ. පෙරවරු 7.00 සිට මධ්‍යම රාත්‍රිය දක්වා මෙම කෙටි දුරකතන අංකය හා සම්බන්ධ විය හැකි වේ. එහිදී පළමුව සිදුවන්නේ රෝග පරීක්ෂාවකි. 1390 කෙටි දුරකතන අංකය අමතන ඔබට

''කොරෝනා ජාතික සෞඛ්‍ය පරීක්ෂණ සේවාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු. ඔබට උණ, කැස්ස, සෙම උගුරේ අමාරුව හෝ වෙනත් කොවිඩ් ආශ්‍රිත රෝග ලක්ෂණ ඇත්නම් මඳක් රැඳී සිටින්න. වෙනත් අවශ්‍යතාවකට ගිලන් රථයක් ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් කරුණාකර 1990 අමතන්න.  MyDoctor සේවාව හරහා සුදුසුකම්ලත් වෛද්‍යවරයකුගෙන් ඔබව පරීක්ෂා කරගැනීමට අංක 1 ඇතුළත් කරන්න' යනුවෙන් ශ්‍රවණය වේවි.

එම උපදෙස් පිළිපදින ඔබව වෛද්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යංශයේ නිර්දේශිත ප්‍රශ්නාවලියක් අසයි. ඒ අනුව වෛද්‍යවරයා ඔබ සිටිනුයේ කොවිඩ් ආශ්‍රිත අවදානමක් නැති, සුළු අවදානමක් ඇති, සාමාන්‍ය අවදානමක් ඇති, දැඩි අවදානමක් ඇති යන කාණ්ඩ හතරෙන් කවර කාණ්ඩයකට අයත් කෙනකු දැයි වර්ගීකරණය කරයි.

 

1.අවදානමක් නැති කාණ්ඩය

මෙහිදී ඔබට උණ, හෙම්බිරිස්සාව තිබෙන්නට පුළුවන්. වෙන යම් හේතුවක් නැති නිසා නිවෙසටම වී ඉන්නටයැයි වෛද්‍යවරයා පවසයි.මෙය වෙන යම් හේතුවක් මත ඇති වුණු තත්ත්වයක් බව තීරණය කරන වෛද්‍යවරයා ඔබට නිවෙසටම වී ඉන්නට උපදෙස් ලබා දෙයි.

2. සුළු අවදානමක් ඇති කාණ්ඩය

මේ අයට කොරෝනා රෝග ලක්ෂණ තිබෙනවා. නමුත් ඛ්ධදබචජබ ච්චබච ඕචඵඥ එකක් නැහැ. එනම් නිරෝධායන ප්‍රදේශයකට ගිහිල්ලා නැහැ. විදෙස් රටක සිට ආ පවුලේ කෙනකු හෝ ⁣විදෙස් රටක සිට වෙනත් කෙනෙක් නිවෙසට ඇවිල්ලත් නැහැ. හැබැයි මේකෙනාට රෝග ලක්ෂණ තිබෙන නිසා සාමාන්‍ය රෝහලකට ඇතුළු කෙරෙනවා.

3. සාමාන්‍ය අවදානමක් ඇති  රෝගීන්

මේ කාණ්ඩයට ගැනෙන රෝගීන් ට Contact Data Base  එකක් තියෙනවා. නමුත් කොවිඩ් ලක්ෂණ කිසිවක් නැහැ.

මේ කෙනාට වෛද්‍යවරු උපදෙස් දෙනවා නිවෙසටම වී දින 14 ක 21 ක කාලයක් ස්වයං නිරෝධායනය වන ලෙසට. තවත් රෝග ලක්ෂණ මතු වේව් ද කියා නිරීක්ෂණය කරනවා. කොවිඩ් රෝහලකට මේ රෝගියා දැන්මම ඇතුළත් කරන්නේ නැහැ.එවිට රෝගියාට තියෙන අවධානම වැඩි වෙන්නත් පුළුවන්. වෛද්‍යවරුන්ට රෝගියා කෙරෙහි දැක්විය හැකි අවදානය අඩු වෙන්නත් පුළුවන්.

මේ අවධානමත් එක්ක ලංකාවේ දිස්ත්‍රික්ක 25 ම කොවිඩ් රෝග විශේෂඥයින් 25 දෙනෙක් පත් කළා. අපේ ආයතනය ඔවුන්ව දැනුවත් කරනවා. ඒ හරහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින්(MOH), මහජන සෞඛ්‍ය නිලධාරින් (PHI) නිලධාරින් දැනුවත් වෙනවා, ඔවුන්ගේ ප්‍රදේශයේ යම් අවදානමක් ඇති අයෙක් ඉන්නා බවට. අපි මේ අයට කෙටි පණිවිඩයක් යැවීමෙනුයි දැනුවත් කරන්නේ.

ලංකාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් 350 ක් පමණ, මහජන සෞඛ්‍ය නිලධාරින් 1500 ක් පමණ ඉන්නවා.

මහජන සෞඛ්‍ය නිලධාරින් මේ කෙනාගේ නිවෙසට ගිහින් අදාළ නිවෙස ස්වයං නිරෝධායනය නිවෙසක් බවට පෝස්ටරයක් අලවනවා.

4. දැඩි අවදානමක් ඇති රෝගීන්

මේ රෝගීන්ට කොවිඩ් ලක්ෂණත් තිබෙනවා. ඛ්ධදබචජබ ච්චබච ඕචඵඥ එකකුත් තිබෙනවා. මෙවැනි රෝගීන් පිළිබඳ ඒ කෙනාට ළඟම කොවිඩ් රෝහල දැනුවත් කෙරෙනවා. මේ අවදානමත් සමඟ ලංකාවේ රෝහල් 40 ක් කොවිඩ් රෝහල් ලෙසට නම් කෙරුණා. පෙර කී පරිදි අදාළ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය බෝවන රෝග විශේෂඥයා, සුවසැරිය ගිලන් රථ සේවය දැනුවත් කොට නිවෙසට ගිලන්රථය යවා ඒ රෝගියා කොවිඩ් රෝහලට ගෙන යනවා.

මෙන්න මේ ක්‍රමයට තමයි 1390 අමතන රෝගීන්ව වර්ගීකරණය කරලා. ඉන් ඉදිරියට ගත යුතු ක්‍රියාමාර්ග ටික ගැනෙන්නේ.

කාණ්ඩ 2 සහ 4 රෝගීන්ව ගිලන් රථවලට ගනිද්දි, රෝහලේදී අදාළ වෛද්‍ය කණ්ඩායම් සම්පුර්ණ ආරක්ෂිත ඇඳුම් කට්ටලය(PPE-personal protection equipiment)  අඳීනවා.

පළමු අදියරට වඩා දෙවැනි අදියරේ දී 1390 අමතන රෝගීන්ට අපි පුළුල් සේවාවකුයි සපයන්නේ. තත්ත්පර කිහිපයකින් ඇමතුම වෛද්‍යවරයකු වෙත සම්බන්ධ වෙනවා. වෛද්‍යවරයා අසන ප්‍රශ්න සමගින් රෝගියාට අවශ්‍ය කාරණය ඉටුකර ගැනීම දක්වා වූ අවස්ථාව වනතුරු ඇමතුමට විනාඩි 10 ක පමණ කාලයකුයි ගත වන්නේ. මේ ඇමතුම සම්බන්ධ වන්නේ නොමිලයේ.

මුලින් අපට සිටියේ ස්වේච්ඡා වෛද්‍යවරුන් කිහිපදෙනෙක් පමණයි. දැන් මේ වෛරසයේ ව්‍යාප්තියත් සමග ස්වේච්ඡා සේවයක් සපයන්න වෛද්‍යවරුන්ට අපහසුයි. මේ තත්ත්වය මත ⁣ගෙවීමේ ක්‍රමයට වෛද්‍යවරුන් සම්බන්ධ කර ගත්තා. දැන් වෛද්‍යවරුන්ගෙන් සැදුම්ලත් call center එකක් තිබෙනවා මේ වෙනුවෙන්ම.

1390 ඔබ ඇමතුමක් ගෙන නිවෙසට ගිලන් රථයක් ඒම දක්වා වූ ක්‍රියාවලිය පිටුපස විශාල දාමයක් තිබෙනවා. 1390 නිලධාරීන්, ජචතත ජඥදබඥප හි වෛද්‍යවරුන්, ප්‍රාදේශීය බෝවන රෝග විශේෂඥයින්, සෞඛ්‍ය සේවා නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකයින්, කොවිඩ් රෝහල්, සුවසැරිය ගිලන් රථ සේවය.

මේ සැවොම එකට එක් වී කොවිඩ් අපේ රටින් තුරන් කිරීමට අප්‍රතිහත ධෛර්යයකින් වෙහෙස මහන්සියක් ගන්නවා. කොවිඩ් සම්බන්ධයෙන් අවශ්‍ය දේ අවශ්‍ය මොහොතෙදි අවශ්‍ය කෙනාට ලබා දීමට ඔවුන් ඇපකැප වෙනවා.

බයවෙන්න එපා. බොරු කියන්න එපා. කිසිවක් හංගන්න එපා.⁣මේ හැමදේම කරන්නේ ඔබේ යහපතට, ඔබේ පවුලේ යහපතට, ඔබේ අසල්වැසියාගේ යහපතට. කඩිනමින් ක්‍රියා කළොත් බහුතරයක් දෙනා මේ අවදානමෙන් ගලවා ගැනීමේ අවස්ථාව ඔබ අප සැම සතුයි.

 

විශේෂ ස්තූතිය My Doctor ආයතනයේ

ප්‍රධාන විධායක නිලධාරි

සමීර විජේරත්න, වෙළෙඳ කළමනාකාර චානුක නිශ්ශංක මහත්වරුන්ට