කොරෝනා හඳුනා ගන්නා පීසීආර්

පොලිමරේස් දාම ප්‍රතික්‍රියාව
අප්‍රේල් 15, 2020

(Polymerase Chain Reaction)

මේ කාලයේ කාගේත් අවධානයට ලක් වූ කොරෝනා රෝගීන් හඳුනාගැනීම සඳහා කරන වෛද්‍ය පරීක්ෂණය පීසීආර් (පොලිමරේස් චේන් රියැක්ෂන්) නැත්නම් පොලිමරේස් දාම ප්‍රතික්‍රියාවයි.

කොරෝනා වැනි වසංගතයක් පැතිරී යද්දී රෝගියාට වැලඳී ඇත්තේ කොරෝනා වෛරසය ද කියා දැන ගැනීමට හා වැලඳී ඇත්නම් ප්‍රතිකාර කිරීමට මේ පරික්ෂණය අත්‍යාවශ්‍යය.

වෛරසවලට ධාරකයකුගේ සහයෝගයකින් තොරව පැවතීමට නොහැකිය.

එනිසා වෛරස ප්‍රමාණය වැඩි කර ගනිමින් පැතිරී යාම සඳහා යොදා ගන්නා උපක්‍රමයක් වන්නේ රෝගීන් ආසාදනය කර රෝගීන්ගේ සිරුර තුළ වර්ධනය වීමයි.

සෑම ජීවී සෛලයක මෙන්ම වෛරස ද පරපුරෙන් පරපුරට තමන්ට ආවේණික ලකුණු පවත්වා ගෙන යාම සඳහා ප්‍රවේණික ද්‍රව්‍ය යොදා ගනියි.

මිනිසුන් වන අපේ නම් ප්‍රවේණික ද්‍රව්‍ය වන්නේ DNA  (ඩියොක්සිරයිබෝස් නියුක්ලෙයික් ඇසිඩ්) ය. කොරෝනා වෛරසය ප්‍රවේණික ද්‍රව්‍ය ලෙස රයිබෝස් නියුක්ලෙයික් ඇසිඩ් (DNA) හඳුනාගෙන තිබේ.

පී සී ආර් පරීක්ෂණය සිදු කරන්නේ රෝගීන්ගේ පෙණහලු හෝ කැස්සත් සමඟ පිටවන සෙමවලින් සාම්පල එකතු කර ගැනීමෙනි.

සාම්වලවලින් වයිරස සතු අව්ඒ වෙන් කර ගනියි. ඉන් පසුව මේවා රීචර්ස් ට්‍රාන්ස්ක්‍රිප්ෂන් ක්‍රමවේදය මඟින් DNA  බවට පරිවර්තනය කරනු ලබයි.

ඊළඟ පියවර වන්නේ උෂ්ණත්ව වෙනස්වීම් මාලාවක් හරහා සාම්පලයේ අඩංගු ප්‍රවේණික ද්‍රව්‍ය සංඛ්‍යාවෙන් වැඩි කර ගැනීමයි.

සාම්පල පිටපත්වල දීප්තිය අනුව රෝගයේ තීව්‍ර බව නිර්ණය කරනු ලබයි.

කොරෝනා වෛරස හඳුනා ගැනීමේ පර්යේෂණාගාර ක්‍රමවේදයේදී අනුගමනය කරන පී සී ආර් ක්‍රමය  Real Time PCR Technique (RT PCR)  ලෙස හඳුන්වයි.

එහිදී ඒ පර්යේෂණ කට්ටලයේ සපයා ඇති කොරෝනා වෛරසය අව්ව් සාම්පල යොදාගත් ර්‍ථඛ්අ ක්‍රියාව ධන පාලක පරීක්ෂණයක් ලෙස හඳුන්වයි.

එහිදී අනිවාර්යයෙන්ම A P C R  ක්‍රියාවේදී ධන පාලක පරීක්ෂණ සඳහා සලකනු ලබන නිශ්චිත ප්‍රතිදීප්තියක් ලබා දෙයි.

රෝගියාගේ R N A  සම්පලයෙන් ද එකී අපේක්ෂිත ප්‍රතිදීප්තිය ලබා දෙන්නේ නම් රෝගියාට වැලඳී ඇත්තේ කොරෝනා වෛරසයම බව තහවුරු වෙයි.

ධන පාලක පරීක්ෂණයට සාපේක්ෂව රෝගී සාම්පලයක් අපේක්ෂිත ප්‍රතිදීප්තියක් නොලැබෙයි නම් රෝගියාට කොරෝනා වැලඳී නොමැත.

රෝගියාගේ සාම්පල ලබා ගන්නා අවස්ථාවේ සිට බොහෝ පියවර සංඛ්‍යාවක් පසු කරමින් අවසාන නිරීක්ෂණය ලබා ගැනීමට සිදු වෙයි.

ඒ නිසා පර්යේෂණ දෝෂ සිදු වී වැරැදි ප්‍රතිඵල ලබාදීමේ හැකියාවක් පවතියි.

එය මඟ හරවා ගැනීමට නම් එකම රෝගියාගෙන් අවස්ථා කිහිපයකදී ලබා ගත් විවිධ සාම්පල මේ  R T P C R පරීක්ෂණයට බඳුන් කළ යුතුය.

රෝගියකු සම්බන්ධ විද්‍යාගාර පරීක්ෂණ වාර්තා ලබා ගැනීමට දින කිහිපයක් වැනි යම් කාලයක් ගත වන්නේ එබැවිනි.

එලෙසම රෝගීන්ගෙන් එකතු කරගත් සාම්පල සෙල්සියස් අංශක 4 ට අඩු උෂ්ණත්වයේ තබා ගනී.

 

* කඳුළුවලත් කොරෝනා

 

චීනයේ පර්යේෂණ වාර්තාවලින් පෙන්වා දෙන අන්දමට කොරෝනා බෝවන එකම මාර්ගය සෙම් බිඳිති නොවෙයි. ඇසේ කඳුළුවලින් ද රෝගය නීරෝගි කෙනකුට ආසාදනය වෙයි. චීනයේ ඇස් රතු වී පැමිණි රෝගියකුගේ කඳුළු පරීක්ෂා කර බැලීමේදී කොරෝනා වෛරසය ශරීර ගත වී ඇති බව හෙළි වී තිබෙයි.

 

* රෝගියකුගේ සිරුරේ විසබීජය කොපමණ වෙලාවක් පවතිනවාද?

 

රෝග ලක්ෂණ මතු වූ පසු කොරෝනා වෛරසය දින තිස් හතක් පමණ රෝගියාගේ ස්වසන මාර්ග පද්ධතියේ ජීවත් වන බව සොයා ගෙන තිබේ. රෝගියාට සුව ගතියක් දැනුණ ද නීරෝගි අයට රෝගය බෝවීමේ අවදානම පවතියි.