බෙහෙත් බොන්න හොඳ වතුර විතරමද?

ජුනි 5, 2019

බොහෝ දෙනෙක් රෝගී තත්ත්වයට පත්වුණහම තියෙන ලොකුම ප්‍රශ්නය තමයි නියමිත පරිදි බෙහෙත් නොගැනීම. මොකද වැඩිදෙනෙක් බෙහෙත් භාවිතයට හරිම අකැමැතියි. ඉතින් වෙනත් කෙනෙක් තමයි බලෙන් වාගේ බෙහෙත් ටික ලබාදෙන්නෙත්.

ඖෂධ භාවිතයේ දී ඔබ මතක තබාගතයුතුම කරුණ වන්නේ නියමිත වේලාවට, නියමිත මාත්‍රාවෙන් එය ලබා ගැනීම.

ආහාරයට පෙර, ආහාරයට පසු, නින්දට පෙර, උදෑසන හිස්බඩ, ආහාර සමඟ ආදී වශයෙන් මේ ඖෂධ නියම කෙරෙන අතර එය නියමිත වේලාවට ලබා ගැනීම ඉතා වැදගත්.

ඖෂධ සමඟ ඔබට ජලය, පලතුරු යුෂ, කිරි මේ ඕනෑම දෙයක් භාවිත කළ හැකි අතර එය ඔබගේ රුචිකත්වයට අනුව තෝරා ගත හැකියි.

නමුත් නියමිත කාල සීමාව තුළ ලබාගතයුතු ඖෂධ සියල්ලම භාවිත කිරීමත් වැදගත්. මන්ද ඇතැම් අය රෝගී තත්ත්වය අඩුවීමේ දී මෙම ඖෂධ ලබාගැනීම නවතා දමන බැවින් ඔබට නියම කළ බෙහෙත් සියල්ලම අවසන් වනතුරා භාවිත කරන්නට අමතක කරන්න එපා.