ක්‍රියාශීලී සරල දිවිය තුළින් ෆැටි ලිවර් වළක්වාගන්න

ජුනි 5, 2019

ෆැටි ලිවර් Fatty Liver   හෙවත් අක්මාවේ මේදය තැන්පත් වීමට බොහෝවිට හේතුවන්නේ මත්වතුර භාවිතය බව වඩාත් ප්‍රසිද්ධයි. එහෙත් මත්වතුර නැත්නම් මධ්‍යසාර භාවිත නොකරන කාන්තාවන්ට හා ඇතැම් කුඩා ළමයින් අතරත් ෆැටි ලිවර් යන රෝගය දක්නට ලැබෙන බව ඔබ දන්නවාද? මත්වතුර බිව්වත්, නොබිව්වත් වැලඳෙන ෆැටි ලිවර් රෝගය ගැන අප විසින් දැන සිටිය යුතු වැදගත් කරුණු රැසක් පිළිබඳ විමසන්නට අපි ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය තේජන විජේරත්න මහතා හමු වුණා. ෆැටි ලිවර් හෙවත් අක්මා ප්‍රදාහය පිළිබඳ ඔබ අප දැන සිටිය යුතු කරුණු ගැන වෛද්‍ය විජේරත්න මෙලෙස පැහැදිලි කළා.

ෆැටි ලිවර් යනු කුමක් ද?

ෆැටි ලිවර් යන වචනයේ අරුත් දනවන පරිදි එය අක්මා සෛල තුළ අමතර මේදය තැන්පත් වීමෙන් අක්මාව ප්‍රදාහය වීමෙන් ඇතිවන රෝග තත්ත්වයක්. වැඩිපුර මේද සහිත ආහාර බහුලව ගැනීමෙන් පසු සිරුරට එකතුවන අමතර මේද ප්‍රමාණය අක්මා සෛල තුළ තැන්පත්වීමෙන් අක්මාවේ ආකෘතියට ඇතිවන වෙනස් වීමත්, එමඟින් ඇතිවන ප්‍රදාහයත් ෆැටි ලිවර් හෙවත්  steato - hepatitis යනුවෙන් හඳුන්වනු ලබනවා.

 

2019/06/05 තරුණි බලන්න