ෆිගර් එක අවුට් ගියොත් අවුල්ම තමයි

ජුනි 5, 2019
කෙල්ලෙක් වුණාම ලස්සනට ඉන්න ඕන. ඒකෙ කතා දෙකක් නෑ. ඒකනෙ ඉතින් කෙල්ලො ඇස්, කන්, නිය හැමදෙයක්ම පුළුවන් තරම් ලස්සනට තියාගන්න බපර කරන්නෙ. ඔය අතරවාරෙ තමන්ගේ කේශ කල්‍යාණිය ගැන හොයලා බලන්නත් අමතක කරන්නෙ නෑ. ඇයි සමේ පැහැය? ඔව් ගොඩක් දෙනෙක් උනන්දු වෙන්නෙ දීප්තිමත් සමකින් බැබලෙන්න. කෙනෙක් එක පාරක් බැලුවොත් දෙවැනි පාරත් බලන්න පොළඹවන එක් කාරණාවක් තමයි මේ සමේ පැහැය. හරි මේ කියපු හැම දෙයක්ම හරි කියමුකො. ඒත් ඉතින් ෆිගර් එක අවුට් ගියොත්  නම් ඉතින් අවුල්ම තමයි.
 
මෙන්න මේ කියන කාරණාව නිසා කොයිතරම් නම් තරුණියො මානසික අවුලක ඉන්නවා ද කියල දන්නෙ ඒ අයම තමයි. ඉතින් ගොඩක් දෙනෙක් කෑම ගන්නකොට වුණත් පරිස්සම්වෙන්නෙ ඇඟ ගැන හිතලා මිසක්, වෙනින් දේවල් ගැන හිතලා නම් නෙවෙයි.
ඒ හින්දා ශරීරය ගැන හිතලා කෑම නොකා බඩගින්නෙ ඉන්න අයත්, වැඩි වැඩියෙන් කෑම කාලා ඇඟපත මහත්කරගෙන ඉන්න අයත්, ජූස් එකක් බීලා ඇඟපත යසට, හැඩට තියාගන්න එක තමයි හොඳම දේ. ඉතින් එහෙම ඇඟපතේ තියෙන මහත මට්ටු කරලා ලස්සනට හිටියොත් කාටද ආඩම්බර නේද?
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.