කිරි කැටියා නීරෝගි වෙන්න කෑමෙන් බීමෙන් පරෙස්සම් වෙමු

ජූලි 24, 2019

“අපි අද කෑමකට යමුද?”

“මං හිතුවා කෑම කන්න එළියට යන්නෑ කියලා. අපි දරුවෙක් බලාපොරොත්තුවෙන්නේ ඉන්නෙ.”

පවුලේ හැමෝගෙම නීරෝගිකම රැකගන්න ගෙදර හදපු කෑම විතරක් කන්න කියන පණිවිඩේ දැන් මගේ ඇස්වල චිත්‍රයක් වගේ ඇඳිලා.

වාසනාවකට මට උසට හරියන මහතක් තිබෙනවා. ඒ නිසා මහත අඩුකර ගන්න මහන්සි වෙන්න ඕන නෑ. දැන් තියෙන්නෙ ඉක්මනටම අපේ කිරිකැටියට එන්න පුළුවන් විදියට ඇවතුම් පැවතුම් හදාගෙන කෑම බීම ගන්න එක.

“ඔයා කිව්වමයි මතක් වුණේ. ලෝක ප්‍රසිද්ධ සීඑන්එන් ප්‍රවෘත්ති සේවය මවු පදවිය පතන බිරියක් කන්න ඕන විදිය විස්තර කරලා තිබුණා. එකෙ තිබුණේ අලුත්ම පර්යේෂණවලින් හොයාගත්ත දේවල්.”

“බටහිර ලෝකයෙන් අපට ආව දේවල්වලට යන්න කියලා අපේම දේවල් කන්න කියන පණිවිඩේ නේද මේ උපදෙස් ටික බැලුවම ඔයාටත් ලැබෙන්නෙ?”

වෙළෙඳපොලේ විකුණන්න තියෙන ට්‍රාන්ස් මේදය පිරුණු ක්ෂණික ආහාර දරු උපත ප්‍රමාද කරනවා.

ආහාරයට ඔලිව් තෙල්, කැනෝලා තෙල් එකතු කරගන්න.

සත්ව මස්වලින් ප්‍රෝටීන් ලබා ගන්නවාට වඩා බෝංචි, ඇට වර්ගවලින් ප්‍රෝටීන් ලබාගන්න එක හොඳයි.

පොත්ත සහිත ඇට වර්ගවලින් ඇඟට කාබෝහයිඩ්‍රේට් ලබා ගන්න. පොත්ත නැති ධාන්‍යවලින් අපේ ලේවල සීනි මට්ටම ඉක්මනින් වැඩි කරනවා.

දවස ගාණෙ කිරි වීදුරුවක් බොන්න. එහෙම බොන්න බැරිනම් යෝගට් එකක් හරි කන්න.

ෆෝලික් ඇතුළු අනිත් ‘බී’ (ඕ) විටමින් වර්ග පිරුණු කෑම වර්ග ගන්න. පොත්ත සහිත ධාන්‍ය, බිත්තර, ඇටවර්ග, තද කොළපාට පලාවර්ග, පලතුරුවල බී විටමින් වර්ග යහමින් අඩංගුයි. පැඟිරි කුලයේ පලතුරු, අලිගැටපේර, කෙසෙල් වගේ පලතුරුවලත් විටමින් බී තියෙනවා

 

ද රතු මස් කන්න එපා.

දබොන්න හොඳම පානය

පිරිසුදු වතුරයි.

දතේ, කෝපි බීම අඩුකරන්න.

 

බර වැඩිනම් සියයට පහකින් දහයකින් බර අඩුකර ගත්තත් ඩිම්බ පිටවීම ක්‍රමානුකූල වෙනවා.”

 

2019/07/24 තරුණි බලන්න