අසිරිමත් ගමනක ඇරැඹුම

ජූලි 31, 2019

වළකගේ සෙනෙහසට ලෙයින් මසින් ජීවය ලබා දෙන්න ඔන්න මං සූදානම්. ඒත් ඒකට මුල පිරෙන්නේ දීර්ඝ ක්‍රියාවලියකින්. කොටින් කිව්වොත් ඒක හරි දිග කතාවක්.

අම්මගෙ ඩිම්බයෙන් තාත්තගෙ ශුක්‍රාණුවෙන් මගේ ජීවිතේට මුල පිරෙනවා. ශුක්‍රාණුවක් කියන්නේ ක්ෂ්‍රද්‍ර, ඒ කියන්නේ විස්තර කරන්න බැරි තරම් පුංචිම පුංචි සෛල එකතුවක්. ශුක්‍රාණු හැදෙන්නේ වෘෂණ කෝෂවල. ඩිම්බ ජීවත් වෙන්නෙ ඩිම්බ කෝෂවල.

කාන්තාවකගේ ඔසප් චක්‍රය පාලනය වන්නේ හෝර්මෝනවලින්. හෝර්මෝනවල ක්‍රියාකාරිත්වය නිසා සෑම මාසයකම ඩිම්බ මෝරනවා. ඒ විතරක් නෙවෙයි හෝර්මෝන නිසා ගර්භාෂයේ ආස්තරණ පටලයකුත් හැදෙනවා. ඒක මං වගේ පුංචි පැටියකුට ඇවිල්ලා නවතින්න සරුබිමක්.

මාසයකට සැරයක් ඩිම්බ කෝෂවලින් මේරුණු එක් ඩිම්බයක් නිකුත් වෙනවා. මේ ක්‍රියාවලිය ආර්තවය නැත්නම් ඔසප් වීම කියලා හඳුන්වනවා. ඩිම්බය පැලෝපීය නාලය හරහා ගමන් කරනවා. මේ ගමනට පැය 12 – 24 ක් ගත වෙනවා.

ශුක්‍රාණු, ශුක්‍ර තරලයත් සමඟ යෝනි මඟට ඇතුළු වුණොත් ඒවා ගැබ් ගෙල හරහා ගර්භාෂයට පැලෝපීය නාලවලට යනවා. ඒ ඩිම්බයක් හොයාගෙනයි.

ශුක්‍රාණුවලට දින හයක් ජීවත් වෙන්න පුළුවන්. එක් පිට කිරීමකදී ශුක්‍රාණු මිලියන ගණනක් නිකුත් වෙනවා. ඒත් එකම එක ශුක්‍රාණුවකටයි ඩිම්බය හම්බ වෙන්නේ. පිළිසිඳ ගැනීමකට මඟ පාදන්නේ ඒ ශුක්‍රාණුවයි. හිතාගන්න මං හරිම දුර්ලබයි නේද?

ශුක්‍රාණුවත් ඩිම්බයත් හමුවීමෙන් (වෛද්‍ය විද්‍යාත්මකව නම් සංසේචනය වීම) දරු උපතකට මඟ පෑදෙනවා. සංසේචිත ඩිම්බය දිගින් දිගටම සෛලවලට බෙදෙනවා. ඊළඟට පුංචි බෝලයක් වගේ හැදුණු සෛල එකතුව ගර්භාෂයට යනවා. ඒ යන්නේ සංසේචනය වෙලා දවස් 2 – 4 කට පස්සෙ. ගර්භාෂය දක්වා දවස් කීපයක් ගමන් කරන මේ සංසේචිත ඩිම්බය හරියට ස්පොන්ජියක් වගේ කුඩා බෝලයක්. ස්පොන්ජි බෝලයක් වගේ ඉන්න මං ඔන්න ගර්භාෂ බිත්තියේ තැන්පත් වෙන්නයි යන්නේ. ඒත් ඒකටත් දවස් දෙක තුනක් ගත වෙනවා.

 

උපදෙස්

නාරි හා ප්‍රසව වෛද්‍ය විශේෂඥ

විජිත් විද්‍යා භූෂණ

 

2019/07/31 තරුණි බලන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.