වර්ෂ 2025 ක්වූ July 07 වැනිදා Monday
තීරණාත්මක තෙවැනි තුන් මාසය උදා වුණා

මේ දරු පැටියා අංග සම්පූර්ණ ළදරුවකු සේ පරිපූර්ණ වන කාල වකවානුවයි. මේ කාලයේ මව දරුවාගේ අස්ථි වර්ධනයට කැල්සියම් අඩංගු ආහාර අධිකව ගත යුතුයි. තෙවැනි කාර්තුව මුළු සිරුරේම කැල්සියම් දරුවා වෙනුවෙන් වැය වන කාලයකි.
තෙවැනි මාස තුන වන විටත් පියයුරුවලින් තුනී කහ පැහැ කොලස්ට්‍රම් වැනි ස්‍රාවයක් නිකුත් විය හැකියි.
සමහර අම්මලාට ප්‍රසූතියට සති 2-4 කට පෙර දරුවා ශ්‍රෝණි පෙදෙසට පිවිසෙනු දැනෙයි.
මුළු ගැබ් කාලයේදීම මවකගේ බර වැඩි විය යුත්තේ කිලෝ ග්‍රෑම් දහයකින්, දොළහකින්ය. ගැබිනි සමයේ මුල් සති 20 දි බර වැඩිවීම කිලෝ ග්‍රෑම් 2.5 – 4.0 ක් අතර විය යුතුයි. අවසාන සති 20 දී බර කිලෝ ග්‍රෑම් 7.5 – 9.5 ත් අතර වැඩි වෙයි. බර මැනීමට සුදුසු උදෑසනයි. දහවලට සිරුරේ බර අඩු වෙයි.
2019/09/11 තරුණි බලන්න