පියයුරු එල්ලා වැටෙන්නේ ඇයි?

ඔක්තෝබර් 9, 2019

ප්‍රශ්නය - 31 හැවිරිදි මම රුව ගැන වැඩි සැලකිල්ලක් දක්වමි. ආහාර පාලනයෙන් සහ ව්‍යායාම මඟින් හැඩැති සිරුරක් ලබා ගතිමි. නමුත් මාගේ පියයුරු එල්ලා වැටීම ඒ සුන්දරත්වයට බාධාවකි. ඇතැම් ඇඳුම් ඇඳීමේ දී ද අපහසුතාවට පත්වේ. මෙලෙස පියයුරු එල්ලා වැටෙන්නේ ඇයි? මෙයට කුමක් කළ යුතු ද?

මාවනැල්ල - සචිනි

 

පිළිතුර

කාන්තාවකගේ රූපය ගැන කතා කිරීමේ දී පියයුරුවලට හිමි වන්නේ විශේෂ ස්ථානයකි. පියයුරු තදට සහ මනා හැඩයකින් පවත්වා ගැනීම වැදගත්. ඒත් සමහර කාන්තාවන්ගේ වැරැදි පුරුදු නිසා පියයුරුවල නියමිත හැඩය නැති වෙනවා. එය කාන්තාවගේ සමස්ත ශරීර හැඩයටම එකතු කරන්නේ අවලස්සනක්.

දිගු කාලයක් තිස්සේ උණුසුම් ජලයෙන් ස්නානය කිරීම හෝ ඇඟ සේදීම නිසා පියයුරුවල සම ඇදීමකට ලක් වීමටත් එල්ලා වැටීමටත් අවදානමක් පවතිනවා. ඒ වෙනුවට සිසිල් ජලය භාවිත කරන්න. ඔබට හැකි නම් දිනපතා අයිස් භාවිත කරමින් ඔබේ පියයුරු තවන්න.

කුදු වී සිටීමේ ආදිනව ගැන කතා කරන විට බොහෝ දෙනෙක් කියන්නේ එය කොන්දේ අමාරු ඇති වීමට බලපාන බව විතරයි. ඒත් කුදු වී සිටීමේ පුරුද්ද කාන්තාවන්ගේ පියුයරු එල්ලා වැටීමටත් හේතු වෙනවා. කුදු වී සිටින විට, කාන්තාවකගේ පපු පෙදෙස් පෙනුම පවා විකෘති වී පෙනීම වළක්වන්නට බැහැ.

පමණට වඩා තද බ්‍රා ඇඳීම මඟින් ඔබේ පියයුරු මත අනවශ්‍ය පීඩනයක් එල්ල වෙනවා. දවස

පුරා එවැනි බ්‍රා එකක් හැඳ සිටීම ඉතා අහිතකරයි. එමඟින් පියයුරු සඳහා සැපයෙන රුධිර සංසරණය අඩාලවීම නිසා පියයුරු පසුකාලීනව එල්ලා වැටීමට හේතුවක් වෙනවා.

විශේෂයෙන්ම නිතර ක්‍රීඩා කරන කෙනෙක්නම් බ්‍රා වර්ගය පිළිබඳ සැලකිලිමත් විය යුතුයි. ක්‍රීඩා කිරීමේදී ඇඳිය යුතු විශේෂිත බ්‍රා වර්ගයක් තිබෙනවා. ඒවා සකසා තිබෙන්නේ ක්‍රීඩා කිරීමේදී ඔබේ පියුයරුවලට සිදුවය හැකි හැනිවලට ඔරොත්තු දීමට හැකි වන ආකාරයෙනුයි. ඒවා නොඇඳ ක්‍රීඩා කිරීමේදී ඇතිවන තියුණු චලනයන් නිසා පියයුරුවල මෘදු පටකවලට හානි සිදුවිය හැකියි.

කෙට්ටුවීමේ අරමුණින් ආහාර වේල් මඟ හැරීම නිසා වගේම නිතර හිරු එළියට නිරාවරණය වීමෙන් ද පියුයරු එල්ලා වැටෙන්න පුළුවන්. එමෙන්ම බොහොමයක් කාන්තාවන් බ්‍රා එකක් අඳින්නේ නිවෙසින් එළියට යනවිටයි. නිවෙසේදී බ්‍රා එකක් නොඇඳ සිටීමෙන්ම පියයුරු එල්ලා වැටීමට පුළුවනි. කාන්තාවක් සැහැල්ලු ඇඳුමකට මාරු විය යුත්තේ රාත්‍රි නින්දට යෑමටයි.

විවිධ ප්ලාස්ටික් සැත්කම් සහ තාක්ෂණික උපකරණ මඟින් ද පියයුරුවල හැඩය වෙනස්කර ගත හැකියි. ඒ සඳහා වෛද්‍යවරයකුගේ සහය පැතීමයි සුදුසු වන්නේ.

 

 

2019/10/06 තරුණි බලන්න