ප්‍රතිජීවක කෝකටත් තෛලයක් නොවෙයි

පෙබරවාරි 12, 2020

සෑම දෙයක්ම ක්ෂණික අවශ්‍යතාවක් වී තිබෙන ලෝකයක වැඩි දෙනකුට උණ සෙම්ප්‍රතිෂ්‍යාවට පවා ඇඳ විවේකයක් ගනිමින් මඳ විවේකයෙන් සිටීමට ඉවසීමක් නොමැත.

ඒ වගේම එසේ වැය කිරීමට කාල වේලාවක් සොයා ගැනීමට ද අසීරුය. ඒ නිසා සුළු රෝගයකට පවා දවසින් දෙකෙන් සුවය ලබා දෙන “ වන් ෂොට් “ලාට රෝගීන්ගේ ඇත්තේ පුදුමාකාර ඉල්ලීමකි. වන් ෂොට් වෛද්‍යවරුන් බොහෝ විට ලබා දෙන්නේ ප්‍රතිජීවක ඔසුය. ඇතැම්විට

රෝගීන්ම ප්‍රතිජීවක ඔසු ඉල්ලා සිටියි. වෛරස රෝගවලට ප්‍රතිජීවක ඔසුවලින් සුවයක් නොලැබෙන බව වැඩි දෙනෙක් නොදනිති.

මේ අතර අනුන්ට දුන් බෙහෙතින් තමන්ට සුවය ලබා ගැනීමට බලාපොරොත්තුවන රෝගීහු ද සිටිති. ප්‍රතිජීවක ඇත්තටම අවශ්‍ය රෝගීන් කරන බරපතළ වරදක් වන්නේ වෛද්‍යවරයා නියම කළ කාලසීමාව නිම වන තුරු බේත් නොගෙන රෝගයෙන් සහනයක් ලද සැණින් ප්‍රතිකාර ගැනීම නැවැත්වීමයි.

මේ වැරැදි සියල්ලම මඟ පාදන්නේ ප්‍රතිජීවක ප්‍රතිරෝධීතාවකටයි. ප්‍රතිජීවක ප්‍රතිරෝධීතාවක් ඇති වූ වී යළි රෝගීවූ විට කෙතරම් ප්‍රතිකාර අවශ්‍ය වුව ද වෛද්‍යවරයාට දීමට ඖෂධයක් නොමැතිකමින් රෝගියාට මිය යාමට සිදුවෙයි. මෑතකදී අලුතින් ප්‍රතිජීවක නිපදවා නැත. ප්‍රතිජීවකවලට එරෙහිව ඇතිවන බැක්ටීරියාවන්ට එරෙහි ඔසු ද නැත. මිනිසුන්ට පමණක් නොව සතුන්ට ද හිතුමතේ ප්‍රතිජීවක ලබා දෙයි. සතුන්ගේ වර්ධනය වේගවත් කිරීමට රෝගී වූ විට සුවය ලබාදීමට ප්‍රතිජීවක දෙන අවස්ථා ඕනෑතරම්ය.

වාර්ෂිකව ලොව පුරා ප්‍රතිජීවක ප්‍රතිරෝධීතාව නිසා වාර්ෂිකව ලක්ෂ අටකට ආසන්න ගණනක් මියයති. මෙය ලෝක සෞඛ්‍යයට බලවත් තර්ජනයකි. කෙතරම් දැනුවත් කළත් අපේ රටේ ප්‍රතිජීවක සියයට 55 ක්ම පරිභෝජනය කෙරෙන්නේ වෛද්‍ය නිර්දේශයකින් තොරවය. ප්‍රතිජීවක ප්‍රතිරෝධී බැක්ටීරියා ඇති පුද්ගලයන් අන් අයට ද ඒ රෝගබීජ බෙදා හරියි. දැන් මිනිසුන්, සතුන්, ආහාර, රෝහල් ඇතුළු පරිසරයේ මේ ප්‍රතිජීවක ප්‍රතිරෝධී මාරයන් සැඟව සිටියි. ක්ෂය රෝගයට, මැලේරියාවට, එච්අයිවී ආසාදනයට, ඉන්ෆ්ලුවෙන්සාවට ප්‍රතිජීවක ප්‍රතිරෝධීතාවක් ඇති කරගත් අය සුලබය. ප්‍රතිජීවක වැඩිපුරම අවභාවිත කරන්නේ ආසියාවේය. කාබපෙනිම්ස් ප්‍රතිජීවකයට ලංකාවේ 30.7 % ක් පමණ ප්‍රතිරෝධීතාවක් දක්වයි. මෙය ඉතා භයානක තත්ත්වයකි. සාමාන්‍යයෙන් වෛද්‍යවරුන් ප්‍රතිජීවක නිර්දේශ කරන්නේ බැක්ටීරියානු නියුමෝනියාව, මුත්‍රා මාර්ගයේ ආසාදන වැනි රෝග තත්ත්වයන්ටය. කාබපෙනිම්ස් ප්‍රතිරෝධීතාව

වැඩිම යුරෝපීය රට ගී‍්‍රසිය වන අතර ඒ ප්‍රතිරෝධීතාව 0.18 % තරම් සුළු ප්‍රතිශතයකි. ලංකාවේ කාබපෙනිම්ස් ප්‍රතිරෝධීතාව මොන තරම් බරපතළ ද ? ලංකාවේ වැඩිපුරම නිර්දේශ කරන්නේ එනම් 58 % ක්ම නිර්දේශ කරන්නේ අමොක්සලින් ප්‍රතිජීවකයයි. වසරින් වසර ලංකාවේ භාවිත කරන ප්‍රතිජීවක සංඛ්‍යාව ඉහළ යමින් පවතියි.

මේ භයානක තත්ත්වයෙන් ආරක්ෂා වීමට නම්,

* වෛරස් රෝගවලට ප්‍රතිජීවක ඔසුවලින් ප්‍රයෝජනයක් නැති බව වටහා ගන්න.

* වෛද්‍යවරයකු ප්‍රතිජීවක නිර්දේශ කළ විට නියමිත මාත්‍රාවට, නියමිත කාලය පුරා ගැනීමට වග බලා ගන්න. රෝගයෙන් දවසින් දෙකෙන් සුවයක් ලැබුණත් ප්‍රතිකාර ගත යුතුයි.

 

උපදෙස් - මහාචාර්ය පි‍්‍රයදර්ශනී ගලප්පත්ති

වෛද්‍ය කුශ්ලානි ජයතිලක

2020/02/12 තරුණි බලන්න

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.