කොවිඩ්වලින් ලැබුණු දායාදයන් ජීවිතයට ළඟා කරගන්න

ජාතික බෝවන රෝග විද්‍යයතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම
මැයි 27, 2020

කොවිඩ් රෝගීන් ට ජීවිත දානය දෙමින් ඔවුන් වෙනුවෙන් ඇප කැපවන සුවවිරුවන් පිළිබඳ වත්මනේ අන් කවරදාකටත් වඩා කතා කරයි.

අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යයතනයේ නියමුවන් ලෙස කටයුතු කරන කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන් අතරින් ඔහු ද කැපී පෙනෙන මෙහෙවරක නියැළෙයි.

කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම වෛද්‍යතුමන්වන ඔහු අද අප සමඟ මෙලෙස එක්වේ.

වෛද්‍යතුමනි, මේ දිනවල IDH රෝහලේ අලුත්ම තත්ත්වය කෙබඳු ද?

දැනට ⁣කොවිඩ් ආසාදිත රෝගීන් සියයක් පමණ ඉන්නවා.බරපතළ රෝගීන් නැහැ.නිරීක්ෂණ මට්ටමේ රෝගීන් පමණයි ඉන්නේ.රෝග ලක්ෂණ අනුව ඒ අයට ප්‍රතිකාර කෙරෙනවා. ඉදිරි කාලයෙදි රෝගීන්ගේ ප්‍රමාණය තීරණය වෙන්නේ මහජනතාවගේ හැසිරීම මත.ලංකාවෙන් හමුවූ වයස්ගතම කොවිඩ් රෝගියා කාන්තාවක්. ඇය වැලිකන්ද සිට අපේ රෝහලට ගෙනාවේ සෙෘඛ්‍ය තත්ත්වය තරමක් දුර්වලව තිබියදී.ඇයට පාචන තත්ත්වයකුත් තිබුණා.ඈ වෙනුවෙන් අපේ රෝහල් කාර්යමණ්ඩලය සෑහෙන්න වෙහෙසුණා.⁣පසුගිය දිනෙක ඇය සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටත් කරන්න ලැබීම අපිට සතුටක්. විදෙස් රටවල වයස්ගත රෝගීන් එක පොකුරට මිය යද්දි අපිට එවැනි අභියෝගයන් ජය ගන්නට ලැබෙන්නේ රෝගීන් වෙනුවෙන් කරන අසීමිත කැප කිරීමේ ප්‍රතිඵලය නිසයි.

ලංකාව දැනට ඉන්නේ උච්චතම අවස්ථාවෙ ද?

එක් එක් ස්ථානවලට සීමා වුණු රෝගීන් පිරිසක් අපට දැන් වාර්තා වෙන්නේ. මෙය මුළු සමාජයටම ගියොත් තත්ත්වය මීට වඩා වෙනස් වේවි.උච්චතම අවස්ථාව මේ මේ යැයි කියන්න බැහැ.

කොරෝනා දෙවැනි රැල්ලක් අපේ රටෙත් පටන් ගනීවි ද?

මේක අලුත්ම වෛරසයක්. මේ වෛරසයෙ මුහුණුවරයන් වෛද්‍යවරුන්වන අපටත් ආගන්තුකයි.ඒ නිසා අපේ රටේ දෙවෙනි රැල්ලක් පිළිබඳ හරියටම කියන්න බැහැ. තවමත් විදෙස් රටවලත් දෙවෙනි රැල්ලක් නිශ්චිතවම හඳුනාගෙන නැහැ.

 

 

2020/05/27 තරුණි  පුවත්පත බලන්න.

ආශිර්වාදිනි හෙට්ටිආරච්චි