වැස්ස සමඟ සැඟවී එන මාරාන්තික මී උණ රෝගයෙන් පරෙස්සම් වෙමු

ජුනි 3, 2020

වසංගත රෝගයකින් බැටකන කාලයක ඒ රෝගය හැර අනිත් රෝග ගැන වැඩිදෙනකුට අමතක වී යනවා. විශේෂයෙන් මුළු ලෝකයම වෙලාගත් කොරෝනා රෝගයත් සමඟ ඒ තත්ත්වය වඩාත් භයානකව බලපානවා.

ඒත් වැස්සත් සමඟ වෙස්වලාගෙන බොහෝ රෝග අපේ ජීවිත ගොදුරුකර ගනිමින් සිටිනවා.

ඩෙංගි, ලෙප්ටොස්පයිරෝසිස් හෙවත් මී උණ එවන් රෝගයි. රට වසා දැමූ කාලයේ ඇරැඹූ ගෙවතු වගාවන් නිසා අප දැන් වෙනදාටත් වඩා පරිසරයට ළං වෙලා. මෙය ඉතා යහපත් කාරණයක් වුණත් නිතර වැසි වසින මේ කාලයේ අපි මෙවන් රෝග ගැන දැඩි අවධානයකින් සිටිය යුතුමයි. දැනටමත් ලංකාවේ විවිධ පළාත්වලින් ලෙපටොස්පයිරෝසිස් රෝගීන් වාර්තා වීමට පටන් අරන්.

සෑම වර්ෂා කාලයකම ලෙප්ටොස්පයිරෝසිස් රෝගීන් වාර්තා වෙනවා.

* ප්ටොස්පයිරෝසිස් හෙවත් මී උණ කියන්නේ

ලේටොස්පයිරා නම් බැක්ටීරියාවෙන් ඇතිවන ආසාදන

* මිනිසාට රෝගය

ආසාදනය වන්නේ

සුලබම හේතුව ආසාදිත සත්වයකුගේ මුත්‍රාවලින් හෝ ආසාදිත මුත්‍රාවලින් අපිරිසුදු වූ ජලයෙන් හෝ පස්වලින්

 

* රෝගය සුලබ

අධික වැසි ඇති කාලයක, ගං වතුර ගලන කාලවල

 

* රෝග ලක්ෂණ

ආසාදිත පුද්ගලයන්ට විවිධාකාර ලක්ෂණ ඇති වෙනවා. ඉන්ෆ්ලුවෙන්සා ලකුණු ඒ අතර සුලබයි. උණ, සීතලෙන් වෙව්ලීම, හිසරදය, මාංස පේශි වේදනාව (විශේෂයෙන් පාදවල) ඇතිවෙනවා.

ඇස් රතු වෙනවා.

වමනය

ඩයරියා

උදර වේදනාව

කැස්ස

උගුර වණ වීම

සාමාන්‍යයෙන් මේ ලකුණු දින කිහිපයක් සති තුනක පමණ කාලයක් පවතින්න පුළුවන්. එහෙත් සමහරුන්ට ඊට වැඩි කාලයක් පවතිනවා.

රෝගය උත්සන්න වන්නේ ආසාදිත පුද්ගලයන්ගෙන් සියයට 5 - 15 කට පමණයි. රෝග ලකුණු බරපතළ ලෙසින් ඇතිවන මෙවැනි රෝගීන් වහාම රෝහල්ගත විය යුතුයි. එවැනි රෝගීන්ට රෝගය මාරාන්තික විය හැකියි.

*රෝගය

උත්සන්න වූ විට

සම, ඇස් කහ වෙනවා.

වකුගඩු අකර්මණ්‍ය වෙනවා.

අක්මාව අක්‍රීය වෙනවා.

හුස්ම ගැනීමට අපහසු වෙනවා.

හෘද රෝග ගැටලු ඇති වෙනවා.

සම, ශ්ලේෂ්මල ආශ්‍රිතව රුධිරය දක්නට ලැබෙනවා.

මොළය වටා ඇති තුනී පටල, සුෂුම්නා රජ්ජුව වටා ඇති තුනී පටල ප්‍රදාහයට ලත් වෙනවා. (මෙනින්ජයිටිස්)

බැක්ටීරියාව ආසාදනය වී දින දහයකින් පමණ රෝග ලකුණු ඇතිවීම ඇරැඹනවා. ඒත් ආසාදනයවී දින දෙකේ සිට දින විසි නවයක් පමණ දක්වා කාලයකදීත් රෝග ලකුණු ඇතිවිය හැකියි.

 

උපදෙස් සෞඛ්‍ය අධ්‍යාපන කාර්යංශයෙන්

2020/06/03 තරුණි පුවත්පත බලන්න.