උපන් අලුත දරුවා වෙනත් අයට ඉඹින්න දෙන්න එපා

ජූලි 1, 2020

ප්‍රතිශක්තිය දුර්වල නිසා පිරිසුදුකමට මුල් තැන දෙන්න

 

වු කුසෙහි දරුවා වැඩෙන්නේ මවගේ පූර්ණ ආරක්ෂාව යටතේයි. කෑමෙන් බීමෙන් ඇවතුම් පැවතුම් ආදී සියල්ලකින්ම අම්මා පරෙස්සම් වන නිසා දරුවා සියයට සියයකින්ම වාගේ ලෙඩ රෝගවලින් ආරක්ෂා වෙනවා. එහෙත් ඉපදුණාට පසු දරුවා රෝගී වීමේ අවදානම හරිම ඉහළයි.

මීට ප්‍රධාන හේතුව දරුවාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉපදී මාස දෙක තුනක් යනතුරුම දුර්වල මට්ටමක පැවතීමයි. විශේෂයෙන් සති 37ට පෙර බිහිවන දරුවන්ගේ ප්‍රතිශක්තිය ඉතාමත් දුර්වලයි.

දරුවා විවිධ විසබීජවලට නිරාවරණයවී නැති නිසා සිරුරේ රෝගවලට එරෙහි ප්‍රතිදේහ නිපදවෙලාත් නැහැ. බාහිරින් එන විසබීජවලින් අප රැකගන්නා සොබා දහම් පලිහ වන්නේ සමයි. (චර්මයයි) දරුවාගේ සම ද හොඳීන් වැඩී නැති නිසා පහසුවෙන් විසබීජ ශරීරගත වෙනවා.

ඒ නිසා මාපියන් පවුලේ සාමාජිකයන් හැර වෙනත් අයට අලුත උපන් දරුවාට මාස තුනක්වත් යනතුරු සිඹින්නට වඩා ගැනීමට තුරුලුකර ගැනීමට ඉඩ නොදෙන්න. විශේෂයෙන්ම කෝවිඩ් - 19 වැනි වසංගත පැතිරෙන මෙවන් කාලයක එය අකුරටම පිළිපැදීම ඉතා වැදගත්.

 

උපදෙස් - ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය

මමෝරි ගමගේ

2020/07/01 තරුණි පුවත්පත බලන්න.