සියල්ල ඔබෙන් ඈත්ව ගිය විටකදී සවිමත් උපදේශනයක අගය වටහා ගනිමු.

ජූලි 15, 2020

දරුවන් දෙදෙනකුගේ ආදරණීය මවක් වුණු සයුරිට ආදරබර කැදැල්ලක් තිබුණා. යෝජනාවකින් විවාහ වුණත් අසේල සමඟින් ඇරැඹි යුග ජීවිතය බෙහෙවින් ම තෘප්තිකර එකක්.

රැකියාවක නිරත නොවුණු නිසා ගේ දොර වැඩපළ කරගෙන නිදහස් ජීවිතයක් ගත කරන්න සයුරිට කාල වේලාව තිබුණා. අසාමාන්‍ය ලෙස පොත්පත් කියවීමට හුරුව සිටි සයුරි කාලයක් ගතවෙද්දී දරුවන්ගේ කටයුතු, ගෙදරදොරේ කටයුතු පවා පසෙකලමින් පොත්පත් කියවන්න වුණො

'අම්මේ ඔයා අද ගේ අතුගෑවේ නැද්ද හැමතැනම වැලි පෑගෙනවනේ' පාසල් ඇරිලා ආපු පුංචි පුතා එහෙම කිව්වා. 'අද ඔයා අසනීපයෙන් ද හිටියේ මගේ ඔෆිස් අඳීන ෂර්ට් ටික ඊයේ රෑ පෙඟෙන්න දාපු ගමන් නේ'අසේල එහෙම කිව්වා. සයුරි ගේ අතින් දව⁣සින් දවස ⁣ගෙදර දොරේ වැඩපළ අතපසු වුණා කැපීපේන විදිහටම. ඇය උන්මාදෙන් වගේ පොත් කියවන්න ගත්තා. ඇය කියෙව්වේ බොහොම හරබර පොත්.අසාමාන්‍ය ලෙස පොත් කියවීම නිසා ඇගේ මානසිකත්වය යම්ලෙසක ව්‍යාකූලත්වයට පත්වෙලා.

සයුරිටම අවබෝධ වුණා, තමන්ට කුමක්ම හෝ වෙනසක් සිදුවී ඇති බව. එහෙත් උපදේශන සේවාවක පිහිට පතන්න ඇගේ සිත ඉඩ දුන්නේ නැහැ. අසේල තම බිරිය මුහුණ දෙමින් සිටින මේ අවාසනාවන්ත තත්ත්වය පිළිබඳ සමීපතම මිතුරකු වන ජාලියට පැවසුවේ හිතට කුමක්ම හෝ අස්වැසිල්ලක් බලාපොරොත්තුවෙන්. ඇත්තටම අසේලවත් ඔවුන්ගේ පුතුන් දෙදෙනාවත් හිතන තරම් අවාසනාවන්ත වුණේ නැහැ. ජාලියගේ හිතවතියක් ඔවුන් වෙසෙන ගමේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාන්තා කාර්‍යාංශයට අනුයුක්තව සේවය කළා.ඇයව දැනුවත් කිරීමෙන් පසු ඇය සයුරි සමග කතාබහක නියැළෙන්න නිවෙසටම එන්න කැමැති වුණා.

ශ්‍රී ලංකා කාන්තා කාර්‍යාංශය කාන්තාවන් උදෙසා පවත්වා ගෙන යන සමාජ සුබසාධන කටයුතු අතරේ 'සුවපත් දිවියකට සවිමත් උපදේශනයක්' යනු කාන්තාවන්ගේ පිහිට සඳහා ම අරඹන ලද්දක්.

විශේෂ ස්තූතිය

කාන්තා කාර්‍යාංශයේ අධ්‍යක්ෂිකා

චම්පා උපසේන මහත්මියට

 

 

2020/07/15 තරුණි පුවත්පත බලන්න.