දරුවකුගේ රන් ටිකිරි සිනා දකින්න නම් විදලිත තොල් - තල්ල නිවැරැදි කළ යුතුයි

සැප්තැම්බර් 16, 2020

අම්මලා තාත්තලා අතක් පයක් නොකැඩී දරුවකු උස් මහත් කරගන්න නොගන්න උත්සහයක් නැහැ. ඒත් සුළු හෝ ආබාධයක් උපතින්ම ඇත්නම් එය මහ මෙරකටත් වඩා හිතට බරක්. මේ බර කරපින්නා ගත් මාපියන් අපේ රටේ මොනතරම් සිටිනවාද? වාසනාවකට අපේ රටේ ළදරු මරණ අඩුයි.

ඒත් උපත් ආබාධ සහිත දරුවන් වසරකට හය දහසකට ආසන්න ගණනක් උපත ලබනවා. එයින් හත් සියයකට පමණ ජීවිතයේ නොමැකෙන සුන්දර මතකයක් වන පළමු උපන් දිනය සමරන වාසනාව උදා වන්නේ නැහැ.වෛද්‍ය විද්‍යාවේ දියුණුවේ බල මහිමයෙන් බොහොමයක් උපත් ආබාධවලට ප්‍රතිකාර සොයාගෙන තිබෙනවා. ලංකාවේ තෙවැනියට වැඩිපුර දකින්න ලැබෙන උපත් ආබාධය වන බිඳුණු , පැලුණු නැත්නම් විදලිත තොල් සහ තල්ල නිවැරැදි කළ හැකි තත්ත්වයක්. උපතින්ම ආබාධ ඇති දරුවන්ගෙන් සියයට 8.5 ක් පමණ පීඩා විඳින්නේ මේ තත්ත්වයෙනි.

විදලිත තොල් - තල්ල ඇති දරුවන්ට අහිමි වන්නේ පියකරු සිනාවක් , සුන්දර මුහුණක් පමණක් නොවෙයි. මෙවැනි දරුවන්ට මවගෙන් කිරි උරා බොන්න අසීරුයි. ගන්නා ආහාර පාන නාසයෙන් පිට වෙනවා. නාසයෙන් කතා කරන හඬක් එනවා.

එපමණක් නොවෙයි නිවැරැදිව වචන උච්ඣාරණය කරන්නත් බැහැ. නිතර නිතර කන් ආසාදනවලට ගොදුරු වීම තවත් කරදරකාරී තත්ත්වයක්.

මෙවැනි අපහසුතා රැසකට දරුවා මුහුණ පාන නිසා මෙය වහාම නිවැරැදි කරගත යුතු තත්ත්වයක්.

විදලිත තොල් - තල්ල ඇතිවීමේ හේතු

*පවුලේ ඉතිහාසය

මවට හෝ පියාට නැත්නම් දෙදෙනොටම විදලිත තොල් - තලු තිබීම බෙඳු තත්ත්වයක් ඇතිවීමේ අවදානම ඉහළ නංවනවා.

 

උපදෙස් - ප්‍රජා දන්ත වෛද්‍ය විශේෂඥ

ආර්. ඩී. එෆ්. සී. කාන්ති

 

2020/09/16 තරුණි බලන්න