සේවරි ස්ටීම් කේක්

පෙබරවාරි 6, 2019

අවශ්‍ය ද්‍රව්‍ය

රුලං කෝප්ප 1 ක්

ලුණු තේ හැඳි 1 ක්

තෙල් මේස හැඳි 1 1/2 ක්

අබ ඇට තේ හැඳි 1/4 ක්

සූදුරු තේ හැඳි 1/4 ක්

පොඩියට කපාගත්

කරපිංචා තේ හැඳි 1 ක්

චොප් කරගත් ඉඟුරු තේ හැඳි 1/2 ක්

බීට් කරගත් යෝගට්

අඬුකෝප්ප 1/2 ක්

වතුර කෝප්ප 1/2 ක්

කුඩා කොටු කැපූ කැරට්

මේස හැඳි 2 ක්

බේකින් සෝඩා තේ හැඳි 1 ක්

දෙහි යුෂ තේ හැඳි 1 ක්

සාදන ක්‍රමය

මුලින්ම භාජනයක තෙල් රත්කර එයට අබ ඇට, සූදුරු ඇට, කරපිංචා, ඉඟුරු එක්කර බැදීගෙන එනවිට එයටම රුලං එක්කර මිශ්‍ර කරමින් රුලං ලා දුඹුරු පැහැගැන්වී සුවඳ හමනතුරු තබා බාගෙන ලුණු ද එක්කර හොඳින් මිශ්‍ර කරගන්න.

දැන් රුලං මිශ්‍රණය තරමක් නිවුනු පසු එයට බීට් කරගත් යෝගට් සහ වතුර ටිකෙන් ටික එක්කරමින් බැටරයක් සාදා ගන්න.

දැන් මෙයට එළවළු වර්ග එක්කරමින් හොඳින් මිශ්‍ර කරන්න.දැන් මේවා හුමාලයෙන් තැම්බීම සඳහා ඉටිලි තම්බන භාජනයක් ගෙන වතුර කෝප්ප 3 ක් පමණ එක්කර එයට බේකින් සෝඩා සහ දෙහි යුෂ දමා උතුරනතුරු ළිප තබන්න.

දැන් ඉටිලි තැටි ගෙන ඒවායේ තෙල් ආලේපකර සාදාගත් රුලං මිශ්‍රණය එක් රවුමකට මේස හැන්ද බැගින් දමා හොඳින් රත් වූ ඉටිලි භාජනය මත තබා හුමාලය පිටට නොයන ලෙස වසා මිනිත්තු 8 - 9 ක් හුමාලයෙන් තම්බා කැමැති කරියක් සමඟ උණුවෙන් සංග්‍රහ කරන්න.