ඉඹුල් කිරිබත්

අප්‍රේල් 10, 2019

අවශ්‍ය ද්‍රව්‍ය

හාල් කිලෝ එකක්

පොල් ගෙඩියක කිරි

සීනි ග්‍රෑම් 200 ක්

පොල් බෑයක පොල්

ලුණු ස්වල්පයක්

කුරුඳු පොතු කැබැල්ලක්

කරඳමුංගු ඇට 2 ක්

සාදන ක්‍රමය

සාමාන්‍ය ක්‍රමය අනුව කිරිබත සාදා ගන්න. ඉන්පසු බඳුනක් ළිප තබා එයට සීනි ස්වල්පයක් දමා රන්වන් පැහැවනතුරු හැඳිගාන්න. ඉන්පසු එයට වතුර සහ ඉතිරි සීනි ප්‍රමාණය එක්කර පැණි සාදා ගන්න.

එයට කුරුඳු පොතු කැබැල්ලක් සහ කරදමුංගු දමා පැණි උණු වූ පසු පොල් දමා මලවා ගන්න.

ඒ ආකාරයට පැණි පොල් සාදා ගැනීමෙන් පසු පිරිසුදු ඉටිකොළයක් ගෙන එයට කිරිබත් හැන්දක් දමා තුනීකර එයට උඩින් පැණිපොල් දමන්න. පසුව දෙපසින් තදකර ඉඹුල් සාදාගන්න.