අම්මා සතුටින් නම් දරුවන් සුවෙන් වැඩෙනවා

ජුනි 12, 2019

“අම්මි මඟ බලාන ඉන්නේ තාත්තිගේ වචනයක් වැරැදුණු හැටියේම කඩා පනින්නයි. ඒ බව තාත්ති දන්නවා. ඒත් මේ ගෙදරට සිහියෙන් එන්න බෑ කියලා තාත්ති අරක්කු බොනවා. වෙරි වුණු තාත්තිට අම්මා ළඟදී වචන පැටලෙනවා.

අපේ ගෙදර හරියට පුපුරන්න ඔන්න මෙන්න තියෙන ගිනි කන්දක් වගේ. අම්මියි තාත්තියි කොයි වෙලාවේ රණ්ඩු කරගනියි ද දන්නේ නැහැ. ඒ දෙන්නාම කියන්නේ පවුල තියෙන්නේ මම පවු නිසා කියලයි. ටැප් එකක් ඇරගෙන අත් දෙක සෝදනකොට මගේ හිතට සහනයක් දැනෙනවා. ඒ නිසා මං හිතට බයක් දැනෙනකොට අත් සෝදනවා. මට ගොඩාක් වෙලා අත්සෝද සෝද ඉන්නමයි හිතෙන්නේ.”

මේ සාමාන්‍ය ජීවිතයට අවහිරයක් වන පරිදි අසාමාන්‍ය අත් සේදීමකට ඇබ්බැහි වූ දියණියක් මනෝ වෛද්‍ය උපදේශනයට යොමු වූ විට පෙළ ගැසූ වදන් පෙළයි.

“දූගේ තාත්ති බීමට ඇබ්බැහි වෙලා. ඒ මදිවාට නිකරුණේ මාව සැක කරනවා. මං කොච්චර මහන්සි වුණත් මේ ළමයාත් ඉගෙන ගන්න උනන්දුවක් නෑ. එයාගේ කල්පනාව ටැප් එකක් ඇරගෙන අත සෝද සෝද ඉන්න විතරයි. ඇත්තටම ජීවිතය ගැන පුදුමාකාර කලකිරීමක් තියෙන්නේ. ඒ නිසා වෙන්නැති මට එන කේන්තියෙත් ඉවරයක් නැත්තේ.”

දුවව මනෝ උපදේශනයට රැගෙන ආ අම්මාගේ හදවත විවර වූයේ එලෙසයි.

බැලූ බැල්මටම නොපෙනුණත් මානසික ගැටලු ඇති පවුල සාමයෙන් සිසිල් කළ යුතුව තිබුණා. මත්පැනට ඇබ්බැහි වූ, සැකයෙන් පෙළෙන තාත්තාටත් අහවරයක් නැති ප්‍රශ්නවලින් ආතතියට පත් අම්මාටත් නිතර අත සෝදන දියණියටත් උපදේශනය මෙන්ම ප්‍රතිකාරත් අවශ්‍ය බව මනෝ වෛද්‍ය නිර්දේශය වූයේ ඒ නිසායි. ඒ අනුව කෙටි කාලයක් තුළදී මේ පවුලට සාමයේ මිහිරියාවෙන් බැඳෙන්නට හැකි වුණා.

සැබැවින්ම අපේ බොහෝමයක් පවුල් තුළ සාමය බිඳ වැටෙන්නේ දහසක් ප්‍රශ්නවලට මැදිවූ අම්මාවරුන්ගේ මානසික ආතතිය නිසා විය හැකියි.

එහි බිහිසුණුම ප්‍රතිවිපාකය අත් විඳිය යුතුව ඇත්තේ සාමකාමී පසුබිමක් නොමැති පවුලක් තුළ වැඩෙන දරුවන්ටයි. ඒ නිසාම බුද්ධිමත්, නිරෝගී දරුවකු ලෙස අපේ දරු පරපුර රැක ගන්නට දැනුවත්වන්නැයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා මනෝ විශේෂඥ වෛද්‍ය ස්වර්ණා විජයතුංග මහත්මිය දැයේ අම්මාවරුන් වෙත ගෙන එන විශේෂ පණිවුඩයකි මේ.

2019/06/12 තරුණි බලන්න

අදහස් දැක්වීම රිජ්වේ ආර්යා

ළමා රෝහලේ

ළමා මනෝ විශේෂඥ වෛද්‍ය

ස්වර්ණා විජයතුංග