යොවුන් වියේ චඔබ විමසිලිමත් ද?

ඔක්තෝබර් 16, 2019

තවත් ලෝක ළමා දිනයක් නිමා විය. එදින ‘මාංචු’ පුවත්පතේ පළවූයේ ළමා ලෝකය ගැන වැඩිහිටියන්ගේ දෑස් අවදිකරවන සිදුවීමකි. විශේෂයෙන්ම ගැහැනු දරුවන් සිටින මවුපියන්ට තම දරුවන් ගැන වඩාත් අවධානයෙන් සිටින්නට කියාදෙන පාඩමකි.

එසේම අන්තර්ජාලයේ ඇති විවිධ සමාජ මාධ්‍ය ජාලාවල ඉවත් බවක් නැතුව සැරිසරන්නට දරුවන්ට ඉඩකඩ ලබාදීමෙන් විය හැකි විපාක කියාදෙන පාඩමකි.

“අලුත්ම චිත්‍රපටයක රඟපෑම සඳහා වයස අවුරුදු 17 ක් 30 ත් අතර රූමත් තරුණියක් අවශ්‍යයි. ඔබත් එවැනි යුවතියක් නම් මා අමතන්න”

මෙවැනි සටහනක් ෆේස්බුක් (ජ්චජඥ ඕධධඬ) පිටුවක සටහන්ව තිබුණේ ජනපි‍්‍රය නළුවකුගේ නමින් වූ ගිණුමකය. එය මුහුණු පොතේ හුවමාරුවීමත් සමඟ ඒ සඳහා ඉල්ලුම් කළ තරුණියන් සංඛ්‍යාව අති විශාලය.

මෙය දකින රුවිනි ද දහතුන් හැවිරිදි දැරියකි. ඇය කිරිබත්ගොඩ ප්‍රදේශයේ පදිංචි පාසල් ශිෂ්‍යාවකි. ඇයගේ පි‍්‍රයතම නළුවා වූයේ ද මෙම ගිණුමේ දැක්වෙන රුවයි. ඔහුගේ කඩවසම් බවට වූ ඇල්මත් ඔහු සමඟ රඟපෑමට තිබූ සිහිනයත් නිසාම ඇය ද මෙම ගිණුමට පණිවුඩයක් යොමු කළාය.

තරුණයාගේ ගිණුමෙන් මොහොතකින් පිළිතුරක් ලැබුණි. “ඔයා මෑතකදී ගත් ඡායාරූප 10 ක් එවන්න”

එයින් උද්දාමයට පත් ඇය මේ ගැන මවට ද කීවාය. “අම්මේ..... මේ ඇක්ටර්ට ෆොටෝ ටිකක් යවන්නම්.” මවගේ ද කැමැත්ත ඇතුව රුවිනි ඡායාරූප 10 ක් ගිණුමට එක් කළාය. ඉන්පසු ඇයත් ඔහුත් අතර ෆේස්බුක් ගිණුම හරහා දිගින් දිගටම සංවාද සිදුවිය. මෙහිදී නළුවා සඳහන් කළේ ඇයගේ ඡායාරූප චිත්‍රපට අධ්‍යක්ෂවරයාට යොමු කරන බවයි.

“දැන් ඔයා ඩිරෙක්ටර්ට කතා කරන්න.” එසේ කියමින් එම නළුවා ඇයට තවත් ගිණුමක ලිපිනයක් ලබා දුන්නේය. දැන් ඇගේ සංවාදය හා සම්බන්ධය ඇතිවන්නේ අධ්‍යක්ෂවරයා සමඟිනි.

“ඔයා අපේ ෆිල්ම් එකට තෝරාගෙන තියෙන්නේ. ඉක්මනට හොට් පින්තූර දහයක් එවන්න.” ඒ ඔහු කළ ඉල්ලීමයි. ඇය ඔහුගේ ඉල්ලීම ද නොපිරිහෙලා ඉටු කළාය.

එයට ද ක්ෂණිකව පිළිතුරක් ලැබිණි. “ඔයා දැන් තෝරාගෙන තියෙන නිසා උස මහත ඉණ ප්‍රමාණය පේන පින්තූරත් ඕනේ...” උඩ කොටස පෙනෙන පින්තූර 25 ක් එවන්න. ඔහුගෙන් ලැබුණු දෙවැනි ඉල්ලීමයි. ඒත් ඒ කිසිවක් තම මවට නොකියන්නට ඈ වගබලා ගත්තාය. ඇයට අවශ්‍ය වූයේ කෙසේ හෝ ජනපි‍්‍රය නළුවා සමඟ රඟපෑමටය.

මෙලෙස මුහුණු පොතේ සංවාදය සිදුවෙද්දී ඇයට අධ්‍යක්ෂවරයා තවත් යෝජනාවක් ගෙනාවේය. ඒ ඇයගේ ලිංගික ක්‍රියා ඇතුළත් වීඩියෝවක් ඉක්මනින් එවන ලෙසයි.

“අනේ ඒක නම් කොහෙත්ම බැහැ. මම ඕවා දන්නේ නැහැ.”

 

2019/10/16 තරුණි බලන්න

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.