හෙළයට උරුම බස

සිංහල විශිෂ්ට ලෙස සමත් වෙමු
ඔක්තෝබර් 23, 2019

 

මෙය හෙළ දිවයිනයි. ‘සිංහල’ නම් වූ විශේෂිතම භාෂාව හසුරුවන එකම ජාතිය සිටිනා දේශයයි. මෙහි උරුමය හෙළ බසයි. එදා අප මුතුන් මිත්තන් හැඳින්වූයේ ‘වැද්දන්’ යන විශේෂිත නාමයෙනි. වනාන්තරවල, ගල් ලෙන්වල ජීවිකාව ගත කළ ඔවුන් භාවිත කළ බස්වහර ද අද තරම් දියුණු වූවක් නොවේ.

නොයෙක් පරිවර්තනයන් ඔස්සේ යමින් දියුණු වූ ඔවුන්ගේ බස්වහර ද බුදු දහමේ ආගමනයත් සමඟම තව තවත් ඔපවත් වන්නට විය.

බුදු දහමේ උරුමයෙන් නිර්මාණ හැකියාවත් සමඟම අකුරු ලිවීම, චිත්‍ර ඇඳීම මෙන්ම ගොඩනැගිලි, වැව් අමුණු, පන්සල්, වෙහෙර, විහාර ද ඉදිවිය.

ඒත් සමඟම අධ්‍යාපනයේ අවශ්‍යතාව ද ඉස්මතු විය. එකළ බහුලව පැවැතියේ පිරිවෙන් අධ්‍යාපනයයි. පාසල් බිහිවීමත් සමඟම සමාජයීය වශයෙන් ද දියුණුවක් ඇති විය.

හෙළ බස අපේම උරුමය වුවත් නිවැරැදිව එය උගැන්වීමේ අවශ්‍යතාව මත එය පාසල් අධ්‍යාපනයට එක්විය. ක්‍රම ක්‍රමයෙන් දියුණු වෙමින් වත්මන් බස නිර්මාණය විය.

‘සිංහල’ යනු මහා සාගරය තරමටම විශාල, ගැඹුරු බසක් වුවත් ආභාසයෙන්ම අපට උරුමවීම නිසා ඉතාම පහසුවෙන් ග්‍රහණය කරගත හැකි විය. නිවැරැදිව, ව්‍යාකරණානුකූලව ඉදිරි පරපුරට දායාද කිරීමේ අවශ්‍යතාව මත එය විෂයය නිර්දේශයට ඇතුළත් කොට ඇත.

 

 2019/10/23 තරුණි බලන්න..............


  

 

උපදෙස්

මාතර පුහුල්වැල්ල මධ්‍ය මහා විද්‍යාලයේ

විශ්‍රාමික ආචාරිනී, උත්තර පත්‍ර

පරීක්ෂක

එච්. ජී. සෝමා

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.