පලතුරු මිශ්‍ර කේක්

ජුනි 30, 2021

 

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

පිටි ග්‍රෑම් 150ක්

ටින්කිරි මේස හැඳි 8ක්

වතුර මිලිලීටර් 150ක්

වියළි පලතුරු ග්‍රෑම් 100ක්

කජු ග්‍රෑම් 50ක්

බටර් ග්‍රෑම් 125ක්

ලුණු තේ හැඳි 1/2ක්

ආප්ප සෝඩා මේස හැඳි 1/2ක්

වතුර තේ කෝප්පයක්

වැනිලා තේ හැඳි 2ක්

 

සාදන ක්‍රමය

පළමුව පිටි සහ බේකිං සෝඩා එකට මිශ්‍රකරගන්න. කුඩාවට කපාගත් පලතුරු සහ කජුද එකතුකර කලවම් කරගන්න. ඉන්පසු ටින්කිරි, වතුර මිලිලීටර් 150 සහ බටර් බඳුනකට දමා ළිප තබා මඳ ගින්නේ උණු කරගන්න. දැන් මේ කිරි මිශ්‍රණයට පලතුරු සහ පිටි මිශ්‍රණය එකතුකරන්න. ඉතිරි වතුර කෝප්පයද එක්කර ගන්න. වැනිලාද එක්කරගන්න. දැන් මේ මිශ්‍රණය අඟල් 8ය8 හතරැස් තැටියකට හෝ අඟල් 10 ක විෂ්කම්භය සහිත රවුම් තැටියකට දමා සෙල්සියස් අංශක 160ක උෂ්ණත්වයෙන් පැයක් පමණ බේක් කරගන්න.

------------------------------

නිර්මාංස ඔබට  බිත්තර සහ බටර් රහිත කේක්

දානමය පිංකමකදී පිළිගන්වන්න කදිමයි

 චොකලට් කේක්

බිත්තර භාවිතයට නොගෙන සාදාගත හැකි චොකලට් කේක් සහ පලතුරු මිශ්‍ර කේක් එකක් මෙලෙසින් ඔබවෙත ගෙන එන්නෙමු. දානාදී පිංකම් සඳහා නිර්මාංස ආහාර වේලක් සැකසීමේදි ද රසකැවිල්ලක් වශයෙන් ලබාදෙන්නත් හැකියි.

 

 

අවශ්‍ය ද්‍රව්‍ය

පිටි ග්‍රෑම් 275ක්

කොකෝ පවුඩර් ග්‍රෑම් 50ක්

බේකිං පවුඩර් මේස

හැඳි 1ක්

වැනිලා තේ හැඳි 2ක්

සීනි ග්‍රෑම් 250ක්

ඔබට කැමැති තෙල් වර්ගයකින් (පොල්තෙල්, එළවළු තෙල් වැනි)

මේස හැඳි 9ක්

වතුර මිලිලීටර් 350ක්

 

සාදන ක්‍රමය

පළමුව පිටි, බේකිං පවුඩර් සහ කොකෝ පවුඩර් එකට එකතුකර තෙවරක් හලා ගන්න. ඉන්පසු වෙනත් බඳුනක් ගෙන එයට සීනි, වැනිලා, තෙල් සහ වතුර දමා හොඳින් බීට් කරගන්න. දැන් පිටි මිශ්‍රණය එයට දමා කලවම් කරගන්න.

පසුව අඟල් 8 ක පමණ විශ්කම්භය සහිත රවුම් තැටියක් ගෙන ඒමත බටර් තවරා මෙම මිශ්‍රණය දමාගන්න. දැන් සෙල්සියස් අංශක 160ක උෂ්ණත්වය සහිත අවන් එකකට දමා විනාඩි 45ක් පමණ බේක් කරගන්න.

 

කේක් එක අයිසිං කිරීම සඳහා

තේ හැඳි 5ක්

වතුර මේස හැඳි 3ක්

කොකෝ පවුඩර් මේස

හැඳි 2ක්

අයිසිං සීනි ග්‍රෑම් 250ක්

පළමුව තෙල් සහ වතුර බඳුනකට දමා මඳ ගින්දරේ තරමක් බොයිල් කරගන්න. ඉන්පසු එයට කොකෝ පවුඩර් දමා හොඳින් කලවම් කරගන්න. දැන් මෙය ළිපෙන් බා අයිසිං සීනි දමා හොඳින් කලවම් කරගන්න.එය හොඳින් කලවම් වූ පසු දිළිසෙන ස්වරූපයක් ලැබෙයි. පසුව ඔබ සාදාගත් කේක් එක ගෙන ඒ මතට මෙම අයිසිං එක දමා හොඳින් තවරන්න. ඔබට කැමැති නම් කේක් එක උඩට කුඩාවට කපාගත් කජු හෝ ඩෙසිනේටඩ් කොකනට් (වියළි පොල්) ස්වල්පයක් ඉසින්න. ඩෙසිකේටඩ් කොකනට් නැතිනම් පොල් ස්වල්පයක් ගා පෑන් එකක් මතට දමා යන්තමට බැද කේක් එක මතට දමා ගන්න.

 

උපදෙස්

ප්‍රවීණ කේක් නිර්මාණ ශිල්පිනී

සුනේත්‍රා ඒකනායක