Fashion

විලාසිතා මෙන්න.....
ඔක්තෝබර් 31, 2022

සාරි අඳින්න කැමැති ඔබට......

 

අපි ඔබට ඉන්දියාවේ ඩොලී ජේන් ගැන කියලා තියෙනවා. සාරියෙන් මැජික් පෙන්වන ඩොලී සාරි ඇන්දවීමේ කලාවේ ප්‍රවීණයෙක්. සුපිරි ඉන්දීය තාරකාවන් හිතාගන්න බැරි තරම් ලස්සනට සාරියෙන් සරසන ඈ සාරී ඇඳීමේ ලෝක වාර්තා පවා තැබූ කතකි. ඇය ගැන ආයෙත් අලුතින් කියන්න ඕනෙ නෑනෙ.

උත්සවවලට, කාර්යාලයට වගේම සාමාන්‍ය ගමනටත් ඩොලීගේ මේ විලාසිතා ගළපා ගන්නට හැකියි. ඔබත් සාරි අඳින්න සැබෑවටම කැමැති නම් විවිධ මෝස්තරයන්ට ඩොලී අඳින සාරි විලාසිතා ඔබටත් අත් හදා බලන්න පුළුවන්. සාරි ඇඳීමේ විලාසිතා වගේම සාරි හැට්ට විලාසිතා ගැනත් ඇගෙන් අදහස් ලබාගන්නට හැකියි. මේ තියෙන්නේ ඩොලීගේ එම සාරි ඇඳීමේ හැඩකාර විලාසිතා කිහිපයකි.

ඡායාරූප - අන්තර්ජාලයෙනි

 

 

පාලිකා දිල්රුක්ෂි