ගෙදර හැමෝටම රස ගුණ ගෙන එන SEA FOOD

ජනවාරි 16, 2023

 

අලුත් අලුත් කෑම වර්ග වල රස විඳින්න අපි කොයි කවුරුත් කැමතියි. ඒත් ඉතින් මේ කාලේ එහෙම දෙයක් ගැන දෙපාරක් තුන් පාරක් හිතන්නට වෙනවා. අතේ තියෙන මුදල් පසුම්බියට ගැලපෙන පරිදි කෑම බීම වුණත් සීමා කරන්නට සිද්ධ වෙලා. ඒ කොහොම වුණත් හිතේ හැටියට සී ෆුඩ් රසවිඳින්න කැමති ඔබ වෙනුවෙනුයි අද ප්‍රණීත රස කෑම අතිරේකය වෙන් වන්නේ. මෙහි විශේෂත්වය ඕනෑම කෙනෙකුට ඉතා පහසුවෙන් අඩු මුදලට මෙම ආහාර සාදා ගැනීමට අවශ්‍ය අමුද්‍රව්‍ය වෙළඳපොළෙන් මිලදී ගත හැකි වීමයි. සාදා ගැනීමත් හරිම පහසුයි. ඉතින් restaurant නොයා සීෆුට් රසය නිවෙසේ මුළුතැන්ගෙයින්ම ඔබේ ආදරණීයයන් වෙනුවෙන් මෙන්න මේ විදියට සාදා දෙන්න.

 

ඉස්සෝ මිශ්‍ර පොල් රොටි පීසා

 

 

පිටි ග්‍රෑම් 150

ගා ගන්නා ලද පොල් ග්‍රෑම් 50 යි

ලුණු ග්‍රෑම් 10යි

බේකින් පවුඩර් ග්‍රෑම් 5යි

සීනි ග්‍රෑම් 10ක්

එළවළුතෙල් ග්‍රෑම් මිලි ලීටර් 30යි

ජලය අවශ්‍ය ප්‍රමාණයට

ඉස්සන් ග්‍රෑම් 50 යි

දැල්ලන් ග්‍රෑම් 50 යි

මාළු ග්‍රෑම් 50ක්

ලූනු ග්‍රෑම් 30යි

සුදුළූණු ග්‍රෑම් 10

තක්කාලි ග්‍රෑම් 60යි කරපිංචා ග්‍රෑම් 5යි

චීස් ග්‍රෑම් 100

කෑලි මිරිස් ග්‍රෑම් 10 තක්කාලි සෝස් මිලිලීටර්15 යි

ඔරිගානො ග්‍රෑම් 2

 

 

ප්‍රථමයෙන් භාජනයක් රැගෙන පිටි, ගා ගන්නා ලද පොල්, බේකින් පවුඩර්, ලුණු සීනි,එළවළු තෙල් සහ ජලය අවශ්‍ය ප්‍රමාණයට දමා මෝලිය සාදාගන්න. ඉන්පසු එය විනාඩි තිහක් පමණ පසෙකින් තබාගන්න. පසුව එය ග්‍රෑම්100 පමණ කැබලි වලට වෙන්කර ගන්න. භාජනයක් ලිප මත තබා එයට එළවළු තෙල් දමා ගන්න. සෝදා ගන්නා ලද දැල්ලන්, මාළු, ලූනු, සුදුලූනු, කරපිංචා, කෑලි මිරිස් සහ ලුණු කුඩු තක්කාලි දමා විනාඩි 5ක් පමණ හොඳින් පිසින්නට හරින්න. ඉන්පසු එයට ඔරිගානෝ සහ තක්කාලි සෝස් එකතු කර මද වේලාවක් තබා ලිපෙන් අයින් කරගන්න. කැබලිවලට වෙන් කරගන්නවා ලද මෝලිය rolling ෂීට් එකක් ආධාරයෙන් රවුමක් වන ලෙස සාදාගන්න. ඉන්පසුව සාදාගන්නා ලද සීෆුට් මිශ්‍රණය මෝලිය අතුරවා ගන්න.අතුරා ගැනීමෙන් පසුව කැබලිවලට වෙන් කරගන්න. චීස් පීසා එක මත තබාගන්න ඉන්පසුව සෙල්සියස් අංශක 160 උෂ්ණත්වයේ විනාඩි දොළහක් පමණ පිසින්නට හරින්න. දැන් කැබලිවලට කපා අමුත්තන් සඳහා පිළිගැන්විය හැකියි.

 

-----------------------

රෑ කෑමට මාළු පැස්තා

 pasta කන්න කැමති හැමෝම වෙනුවෙන් මේ ගෙන එන්නේ රසම රස seafood pasta සාදාගන්නා පහසුම ක්‍රමයයි.

විශේෂයෙන්ම මෙය පොඩිත්තන් වෙනුවෙන් රස ගන්වන්නට හැකියි.

කෑම ප්‍රතික්ෂේප කරන පොඩිත්තා මේ pasta එක නම් ඉල්ල ඉල්ල කයි.

 

 

 

මාළු ග්‍රෑම් 50 යි

ඉස්සන් ග්‍රෑම් 50යි

දැල්ලන් ග්‍රෑම් 50 යි

කුඩාවට කපාගත් බී ළූණු ග්‍රෑම් 30යි

කුඩාවට කපාගත් සුදුලූනු ග්‍රෑම් 15ක්

පැස්ටා ග්‍රෑම් 200ක්

කෑලි මිරිස් ග්‍රෑම් 10යි කරපිංචා ග්‍රෑම් 4යි

මාළු මිරිස් ග්‍රෑම් 5යි

කැරට් ග්‍රෑම් 25 යි

ලූනු කොළ ග්‍රෑම් 40 ක්

චීස් ග්‍රෑම් 20ක්

ලුණු ග්‍රෑම් 10යි

ගම්මිරිස් ග්‍රෑම් 10යි

එළවළු තෙල් ග්‍රෑම් 10ක් තක්කාලි ග්‍රෑම් 25 ක්

බිත්තර 2 ක්

 

 

පළමුවෙන් පැස්ටා ග්‍රෑම් 200 හොඳින් තම්බා ගන්න. පසුව භාජනයක් ලිප තබා එයට එළවළු තෙල් දමා ගන්න. මදක් රත් වන්නට තබන්න.රත් වූ පසු එයට මාළු ඉස්සන් දැල්ලන් සහ කුඩාවට කපාගත් බී ලූනු සුදුලූනු කරපිංචා එකතු කරන්න. දැන් එයට කැරට්,මාළුමිරිස්,තක්කාලි, ලූණු සහ ගම්මිරිස් ස්වල්පයක් දමා හොඳින් තෙම්පරාදු කරගන්න. ඉන්පසු එයට බිත්තර එක්කර ගන්න .ඊට පසුව cooking cream එකතු කර මද වේලාවකින් කපාගත් ලූනු කොළ සහ චීස් එකතු කර අමුත්තන් සඳහා පිළිගන්වන්න.

 

 

ඉදිරිපත් කිරීම:-

ප්‍රවීණ සූපවේදී

සුජිත් ඕපාතආරච්චි