රසම රස හොට් චොකලට් පානයක් ගෙදරදීම හදමු

මැයි 15, 2023

හොට් චොකලට් පානය කියන්නේ අපි හැමෝම කැමති පානයක්. නමුත් ගෙදරදීම රසවත් හොට් චොකලට් පානයක් හදා ගන්න නිවැරැදි ආකාරය ගැන අපි බොහෝ දෙනකුට වැටහීමක් නෑ. අපි අද ඔබට කියන්නේ ගෙදරදීම රසවත් හොට් චොකලට් ඩ්‍රින්ක් එකක් හදා ගන්නා ක්‍රම දෙකකි.

ඉතාලි ක්‍රමයට හොට් චොකලට්

කිරි කෝප්ප එකහමාරක්

සීනි මේස හැඳි 2ක්

කොකෝවා පවුඩර් මේස හැන්දක්

ඩාක් චොකලට්

කෝන් පිටි මේස හැන්දක්

ලුණු ස්වල්පයක්

වීප්න් ක්‍රීම් සහ කොකෝවා පවුඩර්

 

චොකලට් කුඩා කැබලිවලට කපා ගන්න

කෝන් පිටි සහ කිරි කෝප්ප බාගයක් බඳුනකට දමා ගන්න. හොඳින් මිශ්‍ර කරගන්න.

 

තවත් බඳුනකට කොකෝවා පවුඩර්, ලුණු සහ සීනි දමා කලවම් කරන්න. ඉතිරි කිරි ද එක් කර මඳ ගින්නේ රත් කර හොඳින් කලවම් කරන්න.

රත් වෙද්දී කිරි සහ කෝන් පිටි මිශ්‍රණය එක්කර හොඳින් හැඳි ගාන්න. ඉන්පසු සිහින්ව කපා ගත් චොකලට් එකතු කරන්න.

ළිප නිවා චොකලට් දිය වනතුරු හැඳි ගාන්න.

ඉන්පසු කෝප්ප වලට වත් කරගන්න. වීපින් ක්‍රීම් බීට් කර උඩින් දමා ගන්න.චොකලට් කුඩු ටිකක් ඉස ගන්න.

 

 

------------------------------

සිම්පල් හොට් චොකලට්

 

කොකෝවා පවුඩර් මේස හැඳි 1ක්

සීනි මේස හැඳි 1ක්

ලුණු ස්වල්පයක්

කිරි කෝප්පයක්

මාෂ්මෙලෝස්

ගා ගත් චොකලට්

වීපින් ක්‍රීම්

 

කුඩා සාස්පානක් ගෙන එයට කොකෝවා කුඩු, සීනි සහ ලුණු එකතු කරන්න. හොඳින් කලවම් කරන්න. කිරි ද එක්කර කලවම්කර ළිප තබා මඳ වේලාවක් රත්කර ගන්න. එය මග් එකකට වත් කරගන්න. එයට මාෂ්මෙලෝස් එකතු කරන්න. ගා ගත් චොකලට් ඉස අලංකාර කරගන්න. අවශ්‍ය නම් වීපින් ක්‍රීම් එකතු කරන්න.

 

 

උපදෙස්

විධායක සූපවේදී

සුජිත් ආරියරත්න

 

විදුමිණි දිසාකරුණා