ඇඳුමක් මහන්න රෙදිවර්ග තෝරා ගැනිමත් අපූරු කලාවක්.

ජනවාරි 1, 2024

අප කරන විලාසිතාවන් අනුව තෝරාගත යුතු රෙදි වර්ග වෙනස් වේ. එම විලාසිතාවට ගැළපෙන අයුරින් රෙදි තේරීම තුළින් එම නිර්මාණය නිසියාකාරව නිම කළ හැක. ඇඳුම් සඳහා භාවිත කළ හැකි රෙදිවර්ගද බොහොමයක් ඇත. සෑම රෙදිවර්ගයකින්ම සෑම මෝස්තරයක්ම කළ නොහැක.

අප නිතර භාවිත කරන මෙන්ම බොහෝ දෙනෙක් අඳුරන රෙදි වර්ගයකි විසකෝස් යනු. මෙම රෙදි වර්ගය බොහෝ නිර්මාණ සඳහා භාවිත කළ හැකි රෙදි වර්ගයකි. එමෙන්ම විස්්කෝස්වල රෙදි වර්ගයන් ඇත. එය ගැළපෙන ලෙස ඇඳුමට ඔබ තෝරා ගත යුතුයි.

බ්ලවුස්, ගවුම්, ස්කට් , එලිෆන්ට් පෑන්ට් කියුලට් මේ සියලුම ඇඳුම් වර්ග සඳහා විසකෝස් තෝරා ගැනීමට හැකියාව ඇත.

විස්කෝස් යනු කඩා හැලෙන බවෙන් යුතු රෙදි වර්ගයකි. ඇඳුම් කැපීමේදි ඔබ පරෙස්සමින් කපාගත යුතුයි. නැතිනම් එල්ලා හැලීමක් සිදුවිය හැකිය.

සමහර රෙදි වර්ග ඔබ තෝරා ගත්ත ද රෙදිවල වර්ණය යෑමක් සිදුවිය හැක. ඒ පිළිබඳව ද යම් අවධානයකින් යුතුව රෙදි තෝරා ගැනීම සිදුකරන්න.

ඒ අතර තවත් අප නිතර භාවිතවන රෙදි වර්ගයක් නම් ලිනන්.

ලිනන්,

සර්ට්

කෙටි කලිසම

කලිසම්

කාන්තා ඇඳුම්

 

මේ සියලුම ඇඳුම් සඳහා සහ තිරරෙදි බෙඩ්ෂීට් සඳහා ද භාවිත වන ලිනන් රෙදි වර්ග වෙනම ඇත.

ලිනන් රෙදි තෝරා ගැනීමේදී ද හොඳ අවබෝධයක් තිබිය යුතුයි. තිරරෙදි හා බෙඩ්ෂීට් සඳහා භාවිතවන ලිනන් රෙදි වර්ග වෙනස් ය.

ශොට් සහ කලිසම් සඳහා භාවිතාවන රෙදි වර්ග වෙනස් ය. මෙම ලිනන් මඳක් ඝනකමින් මෙන්ම ඇඟට පහසු ලෙස නිමවී ඇත. වැඩි ඝනකමින් යුතු රෙදි මේ සඳහා භාවිතා නොකරන්න.. එවිට භාවිතයට අපහසු වේ..

ෂර්ට් සඳහා ශොෆ්ට් ලිනන් එක භාවිත කිරීම වඩා සුදු සුය. එය ඇඟට ඉතාමත් පහසුවේ..හොඳම තත්ත්වයේ ලිනන් මිල අදික වේ..

අප සාමාන්‍ය ලිනන් භාවිතා කරන්නේ නම් ඇඳුම් සඳහා මඳක් පරික්ෂාකාරිව බැලිය යුතුයි එම රෙදි නූල් ඉලිප්පීම හා ඇඟට රස්නය දැනීම දේ සිදුවිය හැක.

එමෙන්ම ලිනන්වලද පාට යෑමක් සිදුවිය හැක. ඒ ගැන අවධානයද තිබිය යුතුයි. එම නිසා රෙදි තේරිමේදි මේ සියලු කරුණු පිළිබදව අවධානයෙන් බැලිය යුතුමය.

 

උපදෙස් -

මැහුම් නිර්මාණ ශිල්පිනී

දිලූෂි දසනායක