චන්ද්‍රිකා බැඩ්මින්ටන් පිටියේ වැඩ පෙන්වයි

ජනවාරි 1, 2024

 වියට්නාමයේ ඩාගන්ග් නුවර ටියැන් සන් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති ජ්‍යෙෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලියේදී ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් විශිෂ්ත දස්කම් දැක්වීමට සමත් වුහ. එහිදී අපගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 2ක් සමඟින් සමස්ත පදක්කම් 5ක් දිනා ගත්හ. ආසියානු බැඩ්මින්ටන් සම්මේලනය සංවිධානය කළ මෙම ශූරතාවලියට සියලු මහාද්වීප නියෝජනය කරමින් අත්දැකීම් බහුල ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල ප්‍රමාණයක් සහභාගී වුහ.

මේ තරගාවලියේදී කැපී පෙනෙන දස්කම් දැක්වූ ක්‍රීඩිකාවක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩයාමේ හිටපු ජාතික ශූරයා වූ චන්ද්‍රිකා ද සිල්වා අවුරුදු 45 පහළ එ්කල තරගයේදී රන් පදක්කම දිනා ගත්තාය.

මේ වයස් ඛාණ්ඩයේ අවසන මහා තරගයේදී ඉන්දියාවේ යැන්මින් ශේක් ක්‍රීඩිකාව පරාජයට පත් කරමින් ලකුණු 21-7ක් සහ 21-9ක් ලෙස ඇය එම ජයග්‍රහණය සනිටුහන් කිරීමට සමත් විය.

තවද මේ තරගාවලියේ විශේෂ තරගයක් වු අවුරුදු 110 වයස් සීමාවේ (තරගකාරියන් සහ තරගකරුවන් යන දෙදෙනාගේ වයස් එකතුව මිශ්‍ර යුගල තරගයේත්) රන් පදක්කමක් හිමිකර ගැනීමට රොහන් ද සිල්වා සහ චන්ද්‍රිකා ද සිල්වා සමත් විය. මෙහිදී අවුරුදු 45න් ඉහළ පිරිමි තරගයේදී පදක්කම දිනා ගත්තේ මංජුල සම්පත් ප්‍රනාන්දුය.

මේ තරගවලට අමතරව අවුරුදු 65 ඉහළ සහ පහළ කාන්තා තරගාවලියේ ලෝකඩ පදක්කමක් ලක්ෂ්මි පුංචිහේවා විසින් දිනා ගත් අතර ඇය චන්ද්‍රිකා ද සිල්වා සමඟින් එක්ව අවුරුදු 80 වැඩි සහ අවුරුදු 110 (ඒකාබද්ධ කන්තා ඉහළ අංශයේ තරගයෙන් ලෝකඩ) පදක්කමක් හිමිකර ගත්තාය.