ජාත්‍යන්තර බොක්සිං වළල්ල ජයගත් අපේ ලක් දරුවෝ

ජනවාරි 1, 2024

මැලේසියාවේ පැවැති 34 වැනි ජාත්‍යන්තර බොක්සිං තරගාවලියේදී ශ්‍රී ලංකාවේ බොක්සිං ශූර උමයංග මිහිරාන් කිලෝ ග්‍රෑම් 51 බර පන්තිය තරගය විශිෂ්ට ලෙස ජයග්‍රහණය කිරීමට සමත් විය. මැලේසියාවේ පිනාග් හිදී පැවැති මේ තරගාවලියට රටවල් 12ක් සහභාගී වූ අතර ක්‍රීඩක ක්‍රීඩකයන් 120කට ආසන්න සංඛ්‍යාවක් ද සහභාගී වූහ. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අවුරුදු 20 පහළ කනිෂ්ට තරගයේ සඳහා සහභාගී වූ මිහිරාන් දක්ෂ ලෙස ක්‍රීඩා කරමින් මේ ජයග්‍රහණය දිනා ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය උසුලමිනි.

ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ පළමු වසරේ ඉගෙනුම ලබන උමයංග මිහිරාන් ජාතික ශුරතාවය දිනාගත් ක්‍රීඩකයකි. රටවල් 12ක තරගකරුවන් පරාජය කරමින් ලැබූ මෙම ජයග්‍රහණය ක්‍රීඩා විචාරකයන්ගේ පැසසුමට ලක් වූ විශේෂ සිදුවීමකී. එසේම මේ තරගාවලියේදී කිලෝ ග්‍රෑම් 60 පන්තිය නියෝජන කළ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ පසිදු ප්‍රේමරත්න කිලෝග්‍රෑම් 63.5 පන්තියේ නියෝජනය කළ මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයේ හේෂාන් ජයසිංහ එම ඉසව්වලින් රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් වුහ. තවද ත්‍රිත්ව විද්‍යාලයේ වරුණ බණ්ඩාර සහ සල්මන් තාරික් කිලෝග්‍රෑම් 54 සහ 48 යන බර පන්තිවලින් ලෝකඩ පදක්කමක් දිනාගත්හ.