වර්ෂ 2025 ක්වූ May 26 වැනිදා Monday
මේ අපේ දුව

‘මට අපේ ලේලිට’ මේ අපේ ලේලි...පුතාගේ වයිෆ් කියලා කියන්න හිතෙන්නේම නෑ. මම දන්නෙ නෑ ඒ අැයි කියලා. මගේ දිව නැවෙන්නේම අපේ දුව කියලා කියන්න.’
මේ දවසක් අපේ එක්කෙනා අල්ලපු ගෙදර කා එක්කහරි කතා කරන ගමන් කියනවා මට යාන්තමට වගේ ඇහුණා. ඊට පස්සේ තව තව මොනවා හරි කතා කරනවාත් අැහුණා. “අනේ ඒක හොඳයි.. අනේ එහෙම තමා ඉන්න ඕනේ.. ඒ දරුවත් ඉතින් හොඳයිනෙ.. මම අහගෙන ජෝඩුව කියව කියව කුස්සියේ උයනවාද කොහෙද... ඔන්න ඔහොම මොනවා හරි ඉතින් ඕපේ දිගට යන්න ඇති.
ඇත්තටම ‘ලේලි’ කියන්නේ කවුද
තමන්ගේ පුතා විවාහ කරගන්නා තැනැත්තිය තමා ලේලි. එතකොට මාමණ්ඩියි නැන්දම්මයි තමා පුතාගේ මවුපියෝ. නැන්දාම්මා ලේලි කියලා කියද්දිම ඉතිහාසගත මොකක්දෝ සටනක් ගැන හිතෙනවනෙ. ඒක මේ කවදාවත් ඉවර වෙන්නේ නැති ජානගත කචල් එකක් කියලා තමා කියන්නේ.
ඇත්තටම එහෙම වෙන්න නම් මුලින්ම මේ ලේලි කියන එක මුලටම එනවා. අපේ ජන සමාජයේ මුල් බැහැගත්ත එකක් තමා ‘මේ ලේලිනෙ’ කිව්ව ගමන් අඩු තක්සේරුවට දාන එක.
කොහොම වුණත් අපේ එක්කෙනාගේ අදහසට මම බෙහෙවින්ම කැමැති වුණේ මේ අපේ දුව කියන්න එයාට පුළුවන් වීම හින්දා. ඇත්තෙන්ම පුතාගේ බිරිය වුණත් ඒ දරුවා පුතාගේ කෑම ටික හදන එක, ඇඳුම් ටික හෝදලා, මැදලා කරලා, සපත්තු ටයි කාර්යාල බෑගය උදේ කෑම, දවල් කෑම, බෙහෙත් හේත් ටික දීලා, කොටින්ම අම්මා වගේ දුක සැප සොයා බලනවා නම් ඉතින් ඒ අපේම දුව තමා. හැබැයි ඉතින් සමහර අම්මලා නම් පුතාට ඒ විදිහට ලේලි කරන එකටත් කැමැති නෑ. කෑම ටික කොහොමද දන්නේ නෑ...කලිසම ෂර්ට් එක හරියට මැද්දා දන්නෙත් නෑ...ඔය මොකක් හරි මළ ඉලව්වක් හිතන අයත් ඉන්නවානෙ. ඒ අතින් අපේ උන්දා නම් ‘අනෙ අම්මෝ මම මෙච්චර කාලයක් කරපුවායෙන් දැන් නිදහස්’ කියලයි කිව්වේ. දැන් එයාලත් සතුටින් අපි දෙන්නත් සතුටින්. අනිත් එක ඇයි අපි පිට අයට එයාව මේ අපේ ලේලි කියලා හඳුන්වා දෙන්න හදන්නේ. මේ අපේ දුවනෙ කියන්න බැරි කමක් නෑනේ. ‘දුව‘ ඒ වචනය කොයි තරම් නම් ළෙන්ගතුයි? ආදරණීයයිද.
හිතට කොතරම් සමීපයිද. ඒ දුවට වුණත් මේ ඉන්නේ පිට ගෙදරක නෙවේ ඉන්නෙ කියලා හිතෙනවා නම් ඒක කොයිතරම් සතුටට කාරණයක්ද? ඇයි ඉතින් ඒ දරුවා හිතන්නේ මේ ඉන්නේ මගේ අම්මා අප්පච්චි කියලානෙ.
මම හිතන්නේම මේ පුතාගේ බිරිය පිට කෙනෙක්ගෙ ගාණට දාන්නෙ අපිමනෙ. එයා ඈත් වෙන්නේ ලේලි කියලා කිව්වාමනෙ. අපේ දුව, මේ අපේ පුතාගෙ නෝනා, අපේ දුව කියන්න කට ඇරෙනවා නම් ඒ නිෙවසට සිරිකත එන ෙදාර ඇරෙනවා කියලා මම නම් හිතනවා. එකක් තමා අපේ පුතා වුණත් කැමැතියිනෙ එයාගෙ බිරියට අපේම පවුලේ කෙනෙක් විදිහට සලකනවා නම්. මොකද පුතෙක් ‘ගෑනියෙක්’ ගෙනාවට පස්සේ ඒ ගෑනිට තමන්ගේ අනාගතයේ කටයුතු වෙන ආකාරය ටික ටික පවරනවා. ඒක මේ කියලා ලිස්ට් එකක් හදා දෙනවා නෙවෙයි. ඉබේම අවශ්‍ය කාරණා එකින් එක පේළියට එනවා. බිරිය දැන ගන්නවා සැමියාට ඕනෙ කරන දේවල් ඕනෙ කරන විදිහ. මෙහෙම තමා පවුලක් හැදෙන්න ගන්නේ.
සමහර මවුපියන්ට අමතක වෙනවා ඒ දෙන්නත් විවාහයෙන් පස්සේ තනියම ගොඩ නැගුණු විදිහ. සමහර ගෙවල්වල නම් විවාහ වුණාට පස්සේ දැසි දස්සන්, ධන ධාන්‍ය එක්ක පවුල් රටට පේන්න තියෙනවා. නමුත් පවුල් ජීවිතය කියන එකට නම් ඒ දෙන්නා වෙනම හිතන පතන විදිහ තේරුම් අරන් ගොඩ නැඟෙන්න ඕනේ. එතැන තමයි සතුට සම්පත සාමය තියෙන්නේ. අපි ඒ නිසා ඒ විදිහට ගොඩ නැඟෙන්න ඉඩ දෙන්න ඕනේ. ඉඩ හදන්න ඕනේ.
අනික තමා මොනතරම් දේපොළ තිබ්බත්, ධනය තිබ්බත්, පිරිවර සිටියත් විවාහ ජීවිතය කියන්නේ දෙන්නෙක්ගේ සිහින ලෝකයක්. ඒ සිහින ලෝකය ගොඩනඟා ගන්න අපි ඉඩ හරින්නම ඕනේ.
මම අන්න ඒකයි පුතායි අපේ දුවටයි වෙනම පදිංචි වෙලා එයාලගෙ කුරුලු කූඩුව හදාගන්න ‘අත ඇරලා‘ දැම්මේ.
දැන් තේරෙනවා නේද දුව කියන වචනය එහෙම නැත්නම් අකුරු දෙක කොයි තරම් දේවල් කරන්න පුළුවන් ප්‍රබල අකුරු දෙකක්ද කියලා.