වර්ෂ 2024 ක්වූ September 09 වැනිදා Monday
අතේ තියෙන ෆෝන් එකෙන් හිත පිරෙන්න සල්ලි හොයමු
යූ ටියුබ් චැනල් එකක් පටන් ගන්න එක නූතනයේ අයට නම් ලොකු ගැටලුවක් නෙවෙයි. හැබැයි අදහස් තිබුණාට ඉතින් අපිට ඔය දේවල් කරන්න එක්කෝ වෙලාවක් නැහැ. නැත්නම් අපිට ඒ ගැන අවබෝධයක් නැහැ. හැබැයි යූටියුබ්වල ජනප්‍රිය වෙච්චි අයගේ මුල් කාෙල බැලුවොත් එයාලටත් ඒකට ලොකු වෙලාවක් තිබුණේ නැහැ. ලොකු අවබෝධයකුත් නැහැ. ඒත් එයාලා වැඩේ හෙමින් හෙමින් ඉගෙනගෙන ගොඩදාගත්තා. පසුගිය සතියෙත් යූටියුබ් එකක් පටන් ගන්න ආස අයට මූලික කරුණු ගැන කියලා දුන්නා මතක ඇති. මේ කියන්න යන්නේ අතේ තියෙන ස්මාට් ෆෝන් එකෙන් යූටියුබ් චැනල් එකක් පටන් ගන්න අයට අවශ්‍ය මූලික දැනුම ලබා දෙන්න.
පසුබිම ගැන සැලකිලිමත් වීම
ෆෝන් එකකින් කැමරා කරද්දි එළියෙන් එන නොයිස් එක සහ ආලෝක තත්ත්වය වීඩියෝ කොලිටිය කෙරෙහි සෘජුවම බලපානවා. යූටියුබ් එකෙන් යම් පැහැදිලි කිරීමක් කරන වෙලාවක අවට සද්දයක් තිබ්බොත් වීඩියෝ එකේ තියෙන කොලිටි එක නැති වෙනවා. ඒ වගේම යම් අඳුරු පසුබිමක තියෙන දෙයක් වීඩියෝ කරද්දිත් ෆෝන් එකේ කැමරාව පොඩි නිසා එහි වීඩියෝවේ තත්ත්වය බාල වෙනවා. ඒ නිසා පසුබිම ගැන ටිකක් උනන්දු වෙලා ඒ පසුබිමට අදාළව අවශ්‍ය ආලෝක තත්ත්වයන් නිර්මාණය කරගන්නට ඕනි. අවට බාධාකාරී ශබ්දවලින් අනවශ්‍ය බලපෑමක් එනවා නම් ඒ වගේ වෙලාවට පසුබිමේ සද්ද නැති අවස්ථාවක් වීඩියෝ කරන්න යොදාගැනීමත් වැදගත්.
ෆෝන් එක මවුන්ට් කිරීම
යන එන ගමන් අපිට යමක් විස්තර කරන්නට අවශ්‍ය නම් ඒ අවස්ථාවට මොනොපොඩ් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒත් ෆෝන් එකේ කැමරාවෙන් වීඩියෝ කරද්දි සෙලවීම් ආදිය කැමරාවට හසුවෙනවා වැඩියි. ඒවා ඉවත් කරන්න වෙනම මෘදුකාංග ආදිය යොදාගන්න පුළුවන්. ඒත් අපිට අවශ්‍ය කරන්නේ වැඩිය ගැස්සෙන්නෙ නැති වීඩියෝ එකක් නම් ෆෝන් එක ට්‍රයිපොඩ් එකකින් හෝ වෙනත් ක්‍රමයකින් මවුන්ට්කර ගැනීම වැදගත් වෙනවා. ඇක්ෂන් වැඩ ආදියේදිත් බයිසිකල්වලට, හිසේ හෙල්මට් එකට, අතට, පපුවට කැමරා ෆෝන් එක මවුන්ට් කරගන්න පුළුවන් ක්‍රම සහ විධි තියෙනවා. ඒවා ඇසුරෙන් ඒ අවස්ථාවට අදාළ වීඩියෝ කොටස් නිමකර ගන්න අපිට පුළුවන් වෙනවා.
පෙරහුරුවක් කිරීම
ෆෝන් වීඩියෝවේ අපි පෙනී ඉන්නවා නම් අපේ ස්වරූපය මනසින් හිතාගන්නවාට වඩා සාම්පල් වීඩියෝවක් ගහලාම අපේ විදිහ බලාගන්න එක ෆෝන් එකේදි පුළුවන්. පෙරහුරුවක් හෙවත් කලින් පොඩි කොටස් ෂූට් කරලා බලන එකෙන් වීඩියෝ කොලිටිය, ඕඩියෝ කොලිටිය සහ ඒවා වැඩිදියුණුකර ගන්න ආකාරය ගැනත් අපිට අදහසක් ගන්නට පුළුවන්. පෙරහුරුව තුළින් අපිට වීඩියෝව කරන ආකාරය සහ ආකර්ෂණීය බව වැඩිදියුණුකර ගන්න හැටි ගැනත් යම් අදහසක් ලැබෙනවා.
කරන දේ ගැන දළ සටහනක් තබා ගැනීම
ස්ක්‍රිප්ට් එකකට ගහන්න අපි කරන්නේ ෆිල්ම් එකක්, ටෙලියක් නෙමෙයි. ඒත් අපි හදන වීඩියෝ යූටියුබ් එකේ ජනප්‍රිය වෙන්න නම් ඒවා බලන අයට අපි හදන දේවල් වඩාත් ආකර්ෂණීය වෙන්න ඕනි. යූටියුබ් එකම කියන විදිහට අපි ෂූට් කරන්න කලින් යම් දළ සටහනක් ඒ ඒ තැනදි, ඒ ෂූට් එකේදි කරන දේවල් ගැන යම් සැකිල්ලක්, කටුසටහනක් තියෙන එක වටිනවා. ඒ හරහා ඉන් පස්සේ කරන වීඩියෝවලට පහසුවක් වෙනවා වගේම ආකර්ෂණීය විදිහට කාලය අඩුවෙන් යමක් රූපගත කරන්නත් අපිට අවස්ථාව හම්බෙනවා.
එඩිටින් ෆෝමැට් එකක් ෆලෝ කිරීම
මේක සරලවම තීම් එක කියලත් දක්වන්න පුළුවන්. අපි හිතමු අපි යම්කිසි කෑම හදන වීඩියෝවක් කරනවා කියලා. ඒකෙදි වීඩියෝ එකෙන් වීඩියෝ එක වෙනස් වෙනස් කැමරා ශිල්ප සහ එඩිටින් වැඩ පාවිච්චි කරන්නට ගියොත් එතැනදි අපිට ඒ වෙනුවෙන් විශාල කාලයක් කැප කරන්නට වෙනවා. ඒ හරහා වැඩේ ඉක්මනින්ම නීරස වන්නත් පුළුවන්. ඒත් කලින් ෆෝමැට් එකක් සකස්කර ගත්තොත් ඒ හරහා වීඩියෝ කරන්න වගේම එඩිට් වැඩටත් මාර පහසුවක් වෙනවා. පින්තූර දානවා නම් ඒවා කොච්චරක්ද? ටෙක්ස්ට් දානවා නම් ටෙක්ස්ට් කොතැනට, මොන ආකාරයෙන්ද දාන්නේ කියලා බේසික් තීම් එකක් තියෙන එක යූටියුබ් චැනල් එකක් කරද්දි ඒ වටා පිරිස එකතු වෙන්නත් ලොකුවට හේතු වෙනවා.
තියරි ඉගෙනගැනීම සහ තියරි කැඩීම
කලාව කියන්නේ ආකර්ෂණීය දෙයක්. යූටියුබ් කියන්නෙත් එක්තරා කලාවක්. ඒකෙදි මිනිස්සු විදිහට අපි හැමෝම ආස කරන යම් යම් පොදු නීති රීති තියෙනවා. යූටියුබ් වීඩියෝ රූගත කරද්දි වගේම ඒවා එඩිට් කරද්දිත් මේ වීඩියෝ සම්බන්ධව ඉගෙනීම වැදගත් වෙනවා. ඒ වගේම මීට කලින් රූපවාහිනී, සිනමා වීඩියෝවලට වඩා යූටියුබ් වීඩියෝවලදි හිට්වෙන කලාවෙත් යම් වෙනසක් තියෙනවා. ඉතින් මේ හැම දේම ඉක්මනටම ඉගෙන ගන්නත් බැහැ. සමහර දේවල් කොච්චර තියරි තිබුණත් අපිට අත්දැකීම්වලින්ම අල්ලා ගන්නට වෙනවා. අපි අලුත් දෙයක් කරන්නට පෙර පරණ දෙය මොකද්ද කියලා හරිහැටි ඉගෙනගන්න ඕනි. අන්තර්ජාලය, පොත් පත් සහ තවත් වීඩියෝ ඔස්සේ අපිට මේ වීඩියෝ සහ යූටියුබ් වීඩියෝ ගැන වැඩිපුර අධ්‍යයනය කරන්න පුළුවන්. එහෙම අධ්‍යයනය කරලා ඒවායෙනුත් යම් යම් දේවල් අපිට අපේ වීඩියෝවලට එකතුකර ගන්නත් පුළුවන්.
උපාංග පාවිච්චිය සහ හැසිරවීම
ෆෝන් එකක කොහොමත් ඕඩියෝ කොලිටි එක අඩුයි. ඒ නිසා කුඩා මයික් එකක් වීඩියෝවලට පාවිච්චි කරන්නට පුළුවන් නම් හොඳයි. අපි යූ ටියුබ් වීඩියෝවෙන් කරන්නේ එක තැන ඉඳන් කරන යම් ඉදිරිපත් කිරීමක් වගේ දෙයක් නම් ආලෝකය ලැබීම ගැනත් සැලකිලිමත් වෙන්න ඕනි. බේසික් මට්ටමේ ආලෝක ෆිල්ටර් ආදිය පාවිච්චි කරන්නත් අපිට පුළුවන්. එක එක තැන්වලට ෆෝන් එක, ආලෝකය සහ මයික් මවුන්ට් කරන අලුත් නිෂ්පාදනත් දැන් ඇවිල්ලා තියෙනවා. ඔක්කොම උපකරණ එකපාර අරගන්නවාට වඩා අපිට පස්සෙ කාලෙක අභියෝගයක් වෙන දේවල්වලට විසඳුමක් විදිහට
උපාංග අපේ වැඩේට එකතුකර ගන්න පුළුවන් නම් වටිනවා.
සම්පත් දායකයින්
උපාංග වගේම යූටියුබ් වීඩියෝවලට සම්පත් දායකයින් වැදගත්. යම් අයෙක්ට හොඳට අදහස් තියෙනවා වීඩියෝවල කන්ටෙන්ට්වලට. ඒත් ඒ අයට හොඳ වීඩියෝ එඩිටින් දක්ෂතා නැති වෙන්නට පුළුවන්. තවත් අයට හොඳට ෆෝන් එකෙන් වීඩියෝ කරන්න පුළුවන්, ඒත් එයාලට කන්ටෙන්ට් ගැන අයිඩියා එකක් නැහැ. ෆෝන් එකෙන් වීඩියෝ වැඩ කරන එකේ එක අරමුණක්නේ අපේ ලෝ බජට් එක. ඉතින් එතකොට ඔය හැමදේටම ලොකුවට කට්ටිය බඳවාගෙන, පඩි නඩි බේරගෙන වැඩ පටන් ගන්න බැහැ. ඒ වගේ වෙලාවක අපිට හොඳම යාළුවෝ ටිකක් එකතු කරගෙන වැඩේ කොලිටියට පටන් ගන්න පුළුවන්.
යූටියුබ් චැනලයක් පටන් අරගෙන මුල් සතියෙන්ම හිට් වෙලා සුවහසක් රසික ජනතාව ලක්ෂ ගණනින් ලයික් කරනවා නම් ඒ මොනාහරි සිද්ධියක් නිසා කලින් ප්‍රසිද්ධ වෙච්චි කෙනෙක්ම වෙන්න ඕනි. එහෙම නැති බොහෝ දෙනා කාලයක් තිස්සේ අමාරුවෙන් තමයි තමුන්ගේ රසික පිරිසක් ගොඩනඟා ගන්නේ. ඉතින් යූටියුබ් වීඩියෝ එකක් හදන තාක්ෂණික කරුණු අද වෙද්දි යූටියුබ් එකේම සෑහෙන්න තියෙනවා.