ඉවීමේ කලාවට වැදගත් වන ආහාර කැපීමේ කලාව ගැන දැනුවත් වෙමු

ඔසුකුටියෙන් ජීවිතයට..
ජුනි 30, 2021

 

මේ , හැල්මේ දිවූ සමාජයට මඳක් එක්තැන් වී නැවතත් අප ගැන ම සිතන්නට අවස්ථාව ලැබී ඇති කාලයකි. හැමදෙනාගේ ම කාර්යබහුලත්වය කොතෙක්ද කිවහොත් එහෙන් මෙහෙන් දමා පිසගන්නා ආහාර කෙසේ බඩට යන්නේදැයි වත් නොදැන කෙසේ හෝ බඩගින්න නිවාගෙන දිවූ කාලයකි. මේ නිසා ම බොහෝ දෙනාගේ ආහාර මෙන්ම ආහාර රටාව ද අක්‍රමවත් විය. නොයෙකුත් රෝගාබාධවලට බාල, තරුණ, මහලු සියලු දෙනාම ගොදුරු වූහ.

මේ නැවතත් අප සකසන සම්බෝලයේ සිට ම ආහාර සකසා ගන්නා නියම ක්‍රමවේදය පිළිබඳ සොයා දැනගත යුතු කාලයයි. ආහාර සැකසීමේ දී විවිධ වූ ආහාර වර්ග ඉවුම් පිහුම් ක්‍රම වෙනස් වේ. ඒ අනුව ආහාර සඳහා සකසන එළවළු, මාළු ආදී ද්‍රව්‍ය විවිධ ක්‍රම අනුගමනය කරමින් කැපීම නිසා ඇතිවන වාසි පිළිබඳ අපි පසුගිය සතියේ දී ඔබ දැනුම්වත් කළෙමු.

මෙහිදී විවිධ රටවල විවිධ ආහාර සැකසීම සඳහා එළවළු, මාළු කපන ආකාර මෙන්ම අපේ රටේ කෑම සැකසීමේ දී ද එම ද්‍රව්‍ය කපන ක්‍රම විවිධ ය. හෝටල්වල කෑම සැකසීමේ දී එළවළු, මස්, මාළු කපන විවිධ කැපුම් ක්‍රම සඳහා විවිධ නම් භාවිත වේ.

 

අපි අද යම් ඉවීම සඳහා යොදා ගන්නා යම් ද්‍රව්‍යයක් කපන ආකාර ගැන මඳක් විමසා බලමු.

 

කිසියම් ගෙඩියක් දෙකට කපා ඉවීම.

දෙකට කපා ගත් ගෙඩිය

නැවත හතරට කපා ඉවීම.

කෑලි 16කට කපා ඉවීම.

පෙති වශයෙන් කපා ඉවීම.

ඇඟිලි ආකාරයට දිගටි

හැඩයට කැපීම.

හතරැස් කොටු ආකාරයට කපා ගැනීම.

අඟල් 1/4ක් ඝනකමට සිටින සේ කුඩාවට කපා ගැනීම.

දිග අතට සිහින්ව කපා ගැනීම.

ගම්මිරිස් ඇටයක ප්‍රමාණයට කපා ගැනීම.

ගිනිකූරු තරම් ප්‍රමාණයට කපා ගැනීම.

කඩල ඇටයක ප්‍රමාණයට කපා ගැනීම.

හැඩයට සිටින සේ කපා ගැනීම. (ආනත හැඩයට)

සිහින්ව කපා ගැනීම.

 

මේ ක්‍රම ආහාර පිසීමේ දී යම් එළවළුවක්, පලතුරක්, මාළු, මස් ආදිය කැපීමේ ප්‍රධාන කැපුම් ක්‍රම වේ. මේ අතර කපා ගැනීමට අමතරව වෙනත් ආකාරවලින් ආහාරය සඳහා ද්‍රව්‍ය සකසා ගැනීමේ ක්‍රම ද සූපවේදයෙහි භාවිත වේ. එනම්,

 

ලොකු කැබැලි සිටින සේ කඩා ගැනීම.

නූල් අකාරයට ඉරා ගැනීම.

වංගෙඩියක ලා කොටා ගැනීම.

ගලක තබා තැලීම.

හිල් විදගන්නා ලද තහඩුවකින් ගා ගැනීම.

ගෙඩියේ මදය සූරා ගැනීම.

ගෙඩියට හානි නොවන සේ අගින් හෝ පැත්තකින් මඳක් කපා ඇතුළත ඇති දේ ඉවත්කර ගැනීම.

 

මේ සියල්ල කැපීමේ ප්‍රමිතීන්ට අයත් වේ. කිසියම් ආහාරයක් සඳහා අමුද්‍රව්‍ය කපා ඇති ආකාරය දකින විට එය පිළියෙල කිරීමට සූදානම් වන්නේ කුමනාකාරයටදැයි වටහා ගත හැකියි. (මැල්ලුම්, ඩෙවල් ආදිය සඳහා මස්, ලූනු ආදිය කපා ගැනීම)

 

මෙසේ කපා ගැනීමේ දී ඒ ඒ ද්‍රව්‍යවල ඇති පටක, ඒවායෙහි ඇති ජලීය බව, දැඩි බව මෙන්ම මෘදු බව ද, තෙල් ගතිය, කිරි ගතිය ආදී සියලුම අංග පිළිබඳ සැලකිලිමත් විය යුතුය. ඒ ඒ ආහාර ද්‍රව්‍යවලට අදාළ ආවේණික ස්වභාවන් හා ගුණාංග රැකෙන සේ ආහාර පිසීම සිදු කිරීම වැදගත් ය. කැපීමේ ක්‍රම මත පිසීමේ ක්‍රමය, පිසීමට ගතවන කාලය හා පිසීමට යොදන රසකාරක පිළිබඳ ද තීරණය වේ.